- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
- ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි
- විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
Author: Buzzer Editor
ඔබ කවදා හෝ ආහාර විෂ වීම අත්විඳ තිබෙනවාද? මම එසේ ඇසුවොත් ,”කුමක්ද? කිසිම ආකාරයකින්, කිසිවෙකු මට විෂ සහිත ආහාර ලබා දී නැහැ, නැතිනම් මම මගේම ආහාර විෂ කරගෙන නැහැ” යන ක්ශනික පිළිතුර ඔබේ මුවට පැමිණෙනු ඇත. මෙයට හේතුව “ආහාර විෂවීම” යනු කුමක්ද? යන්න පිළිබඳව ඔබට පැහැදිලි අදහසක් නොමැති නිසායි. ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක්වත් අප සියල්ලන්ම ආහාර විෂවීමකට ලක්ව ඇති බව මා පැවසුවහොත්, ඔබ කියන්නේ පුදුම වීමටත් පුළුවන්. ඔව් එය සත්‍යයක්. වෛද්‍යවරුන්ට අනුව, සෑම වසරකම මිලියන 48 ක් පමණ ජනතාව ආහාර විෂවීමෙන් පීඩා විඳිනව. ආහාර විෂවීම යනු ඔබේ ආහාර වේලට විෂ එකතු කිරීමක් නොවේ. එය අප සැමට හුරු…
හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් එක්සත් රාජධානියේ මීළඟ අගමැති ලෙස තේරීපත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට තරඟ කළ එකම ප්‍රතිවාදියා වන මෝර්ඩෝන්ට් එම සටනින් ඉවත් වන බවට නිවේදනය කර ඇති අතර එයත් සමඟ රිෂි සුනක් තේරීපත්ව තිබෙනවා. රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෙක් ලෙස ඉතිහාසගත වන අතර ඔහු 42 වන වියේ පසු වනවා. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ලෝක බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 26 ක ණය මුදලෙන් කොටසක් මේ වන විට මුදල් අමාත්‍යංශයට ගෙවා ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. සැප්තැම්බර් මාසයේ බිලියන 6.5 ක මුලක් ගෙවූ බවත් ඔක්තෝම්බර් මාසයේ බිලියන 7.5 ක මුදලක් ගෙවූ බවද ඔහු සඳහන් කළා. ඒ අනුව ඉතිරි බිලියන 13 ක මුදල දෙසැම්බර් මාසයේදී ගෙවා නිම කිරීමට බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ලබන මාසයේ සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති මද්දුම බණ්ඩාර වීරසේකර පවසනවා. දැනට පවතින ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේදය 2008 වර්ෂයෙන් පසු සක්‍රීයව ක්‍රියාත්මක වී නොමැති බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව, ලබන මාසයේ සිට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට අනුව ලියාපදිංචි වීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් මේ සඳහා ධීවර, වැවිලි කර්මාන්තවල නිරතවන පුද්ගලයින්ට එක්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පළමු අදියර ලෙස ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා ආරම්භ වන අතර නව වැඩි කළ කෝටාව මත QR කේතය ඉන්ධන ලබා දීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අනෙකුත් පළාත් සඳහාද ඉදිරියේදී අදියර වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ, ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින් 5 දෙනෙකු මේවන විට ආබාධවලට ලක්ව ඇති අතර ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර සහ දනිෂ්ක ගුණතිලකට තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමිවී තිබෙනවා. ප්‍රමෝද් මධුෂාන් සහ පැතුම් නිශ්ශංකද ආබාධවලට ලක්වූ අතර අයර්ලන්තය සමඟ පැවති තරඟයේදී ඔවුන් දෙදෙනාව විවේක ගැන්වීමට කටයුතු කර තිබුණා.
හෙට (25) දිනයේ අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වන අතර ශ්‍රී ලංකාවේ මෙම සූර්යග්‍රහණය යාපනය, කොළඹට හොඳින් දිස්වන බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් සහ කොළම නගරයේ පස්වරු 5.43 සිට මිනිත්තු 9ක පමණ කාලයක් අර්ධ සුර්යග්‍රහණය දිස්වන බවයි මහාචාර්යය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
සාමාන්‍යයෙන් ගත්තොත් එක පාර දෙන්නෙක්ට ආදරේ කරන එක ගැන අපේ සමාජයේ තියෙන්නේ බොහොම නෙගටිව් අදහසක්. හැබැයි ආතල් සීන් එක මේකයි. එක පාර දෙන්නෙක්ට ආදරේ කිරීම හෝ දෙන්නෙක් එක පාර තමන්ට ආදරේ කිරීම ගැන ලියවිලා තියෙන කවි, කතා, සිලෝ ප්‍රමාණයත් ගණන් කරන්න බැරි තරම්. හරි. එක පාර දෙන්නෙක්ට ආදරේ කිරීම ඔය තරම් අවුල් සීන් එකක් වෙලා තියෙන්නේ ඇයි? එක පාර දෙන්නෙක්ට ආදරේ හිතෙන්න බැරිද? එක පාර දෙන්නෙක් එක්ක පවුල් කාපු සංස්කෘතියක් අපිට තිබුණා නේද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගැටළු ගැන අපි හිතුවා පොඩ්ඩක් කථා කරලා බලන්න. 1. එක පාර දෙන්නෙක්ට ආදරේ හිතෙන්න බැරිද? මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කෙනෙක්ට හොයාගන්න වෙනවා…
කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තමා ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පවසනවා. තමන්ට කොන්සර්වේටිව් පක්ෂය තුළ බහුතරයක් ඇති නමුත් මෙම අවස්ථාවේ නායකත්වය හෝ අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් තරඟ කිරීම සුදුසු නොවන බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව එම පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක් ඉදිරිපත්ව ඇති අතර ඔහු සඳහන් කරන්නේ, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කාර්යය භාරය සම්බන්ධයෙන් ඔහුට කෘතඥ වන බවයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.