Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » දෙන්නෙක්ට එකවර ආදරය කරන්න අපිට පුළුවන්ද?
Blog 12 Views

දෙන්නෙක්ට එකවර ආදරය කරන්න අපිට පුළුවන්ද?

Buzzer EditorBy Buzzer EditorOctober 24, 2022No Comments6 Mins Read12 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සාමාන්‍යයෙන් ගත්තොත් එක පාර දෙන්නෙක්ට ආදරේ කරන එක ගැන අපේ සමාජයේ තියෙන්නේ බොහොම නෙගටිව් අදහසක්. හැබැයි ආතල් සීන් එක මේකයි. එක පාර දෙන්නෙක්ට ආදරේ කිරීම හෝ දෙන්නෙක් එක පාර තමන්ට ආදරේ කිරීම ගැන ලියවිලා තියෙන කවි, කතා, සිලෝ ප්‍රමාණයත් ගණන් කරන්න බැරි තරම්.

හරි. එක පාර දෙන්නෙක්ට ආදරේ කිරීම ඔය තරම් අවුල් සීන් එකක් වෙලා තියෙන්නේ ඇයි? එක පාර දෙන්නෙක්ට ආදරේ හිතෙන්න බැරිද? එක පාර දෙන්නෙක් එක්ක පවුල් කාපු සංස්කෘතියක් අපිට තිබුණා නේද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගැටළු ගැන අපි හිතුවා පොඩ්ඩක් කථා කරලා බලන්න.

1. එක පාර දෙන්නෙක්ට ආදරේ හිතෙන්න බැරිද?

මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කෙනෙක්ට හොයාගන්න වෙනවා ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියලා. මොකද ආදරේ ගැන දහසකුත් එකක් නිර්වචන තිබ්බට, හරියටම ආදරේ කියන්නේ මෙන්න මේකය කියන්න කාටද පුළුවන්?

හැබැයි ඔය පරීක්ෂණ කරන අය කියනවා ආනුභූතික සාක්ෂි වලිනුත් පෙන්නන විදියට, දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න පුළුවන් කියන එක විය හැකියි කියලා. හැබැයි ඒක හරියටම ආදරේද කියන එක ගැන පොඩ්ඩක් සිහිකල්පනාවෙන් හිතන්න ඕනය කියලා. ඒ කියන්නේ දෙන්නෙක්ට ආදරේ කරනවා කියලා අපි හිතුවට, අපේ හිතේ දෙන්නා ගැනම තියෙන්නේ ලිංගික ආකර්ෂණයක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සිද්ධ වෙන දෙයක්නේ ඔය විවිධාකාරයේ ආකර්ෂණයන් ආදරේ කියලා වරදවා වටහා ගන්න එක.

2. එක පාර දෙන්නෙක්ට ආදරේ හිතෙන්නේ කොහොමද?

දැන් ඔන්න අපි ඉන්නවා ආදර සම්බන්ධතාවයක. එහෙම ඉන්නකොට අපි හිතමු අපිට සෙට් වෙනවා අපේ හිත යන මාරම ආකර්ෂණයක් තියෙන තවත් මනුස්සයෙක්ව. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අපිට අර දෙවෙනියා ගැන ආදර හැඟුම් පහළ වෙනකොට, පළවෙනියා එක්ක තියෙන ආදර ආකර්ෂණය ක්‍රමයෙන් දියවෙලා යන එකනේ. හැබැයි අපි ඒ කෙනාත් එක්ක තාමත් එකට ඉන්නවා වෙන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කෙනෙක්ට ආදරේ නිසා එයාව විවාහ කරගත්තත්, එකට ජීවත් වුනත්, සම්බන්ධතාවය පවත්වාගෙන ගියත් ඕක පුරුද්දක් බවට පත් වෙනවා. අන්න එතකොට එයාව නැතුව ජීවත් වෙන එක අමාරුයි වගේ තැනකට එනවා.

හැබැයි අපි එක්කෙනෙක් එක්ක බරපතළ ආදර බැඳීමකින් ඉන්න මොහොතකදී වුනත් තවත් කෙනෙක් ගැන ඒ විදියෙම බරපතළ ආදර හැඟීමක් උපදින්න පුළුවන්. දැන් දෙවෙනියා ගැනත් හොටේ හොට් ෆීලින්ග්ස් තියෙන අතරේ පළවෙනියා ගැන තියෙන ෆීලින්ග්ස් එහෙමත් ඒ විදියටම තියෙන්න පුළුවන්!

3. අවශ්‍යතාවය වෙනුවෙන් ඉස්සර සිද්ධ වුනා නේද ඕකම?

අනිවාර්යයෙන්ම ඔව්. ඉස්සර ඔය එක ගෙයි කෑම කියලා හඳුන්වපු සිස්ටම් එකත් ඕකමනේ. ඒ කිව්වේ අයියටයි මල්ලිටයි එකම නෝනා කෙනෙක් ගේන එක. ඕක අයිය මලෝ පස් හය දෙනෙක්ට වුනත් එකම නෝනා තමයි. ඒ කාලේ ඔය එක ගෙයි කෑම කියන සිස්ටම් එක හැදුනේ දේපළ පිට යන එක නවත්තන්නලුනේ.  ඒ කියන්නේ එක බිරිඳක් වටා ගොඩනැංවුණු විශාල සහ ශක්තිමත් පවුලක්. හැබැයි එක ගෙයි කෑම සිද්ධ වෙන්නේ එතකොට දෙන්නෙක්ට එක වර ආදරේ කරලා නෙවෙයිනේ. හැබැයි ඕනම යෝජිත විවාහෙක වගේ මේ එකගෙයි කෑමේදිත් කාන්තාව තමන්ගේ සැමියන් දෙන්නාට හෝ කීප දෙනාට ක්‍රම ක්‍රමයෙන් ආදරේ කරන්න පටන් ගන්න ඇතිනේ.

හැබැයි මේ ක්‍රමය ගැන වුනත් අපි දන්නේ ඉස්සර ඈයෝ ලියපුවයින් විතරනේ. ඔය ක්‍රමේ හොඳට පැවතුණු තැන් වගේම, ඉරිසියා අඬදබර ඇතිවුණු තැන් වුනත් තියෙන්න ඇති!

4. එතකොට දෙන්නෙක්ට එකවර ආදරේ කිරීම නරකයි?

අන්න ප්‍රශ්නේ. අපිට කියන්න බෑ දෙන්නෙක්ට එක වර ආදරේ කිරීම නරකයි කියලා. අපි කොහොමද එහෙම කියන්නේ? ප්‍රධාන වශයෙන් ආදරේ කියන්නේ ඔය පස් මහ බැලුම් බල බල කරන දෙයක් නෙවෙයිනේ. ආදරේ කියන්නේ ඉබේ ඇතිවෙන දෙයක්. දැන් ඔය ඉන්දියාවේ සමහර ගම් වල තියෙනවා, තමන්ගේ කුලයෙන් පිට ආදරේ කරන එක වැරැද්දක් කියලා නීති රීති. දැන් එහෙම එව්වා තිබුණා කියලා කුලයෙන් පිට වුනත් ආදරේ හිතෙන එකෙක්ට ආදරේ වෙන එක නොවී තියෙනවද? නැහැනේ. අන්න ඒ වගේ තමයි.

ඇත්තම කතන්දරේ මේකයි. අපි හිතනවට වඩා ගොඩක් අවස්ථා වල අපිට දෙන්නෙක්ට එක පාර ආදරේ හිතෙනවා. හැබැයි මේ කියන්නේ රිලේෂන්ශිප් ගැන නෙවෙයි හරිද. හිතේ ඇතිවෙන ආදරේ ගැන. හැබැයි ඒ බොහෝමයක් අවස්ථාවල අපි දෙවෙනියට අපේ හිතේ ඇතිවෙන ආදරේ ගැන එළි කරන්නෙත් නෑ. ගොඩක් වෙලාවට ඒ විදියේ දෙවනුව ඇතිවෙන ආදරයක් ප්‍රකාශ නොවීම මියයනවා කියන්න පුළුවන්.

5. එතකොට දෙන්නෙක් එක්ක රිලේෂන්ශිප්?

මෙන්න මේක සංකීර්ණයි. දෙන්නෙක්ට එක පාර හිතින් ආදරේ කරන එක වෙනස් කතන්දරයක්. හැබැයි දෙන්නෙක් එක්ක එක පාර රිලේෂන්ශිප් එකක් ගෙනියනවා කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඒ කියන්නේ හිතේ ඇතිවෙන ආදර හැඟීම් කියන එක ප්‍රායෝගික තලයේ කැපකිරීම් සහ කායික හා මානසික සම්බන්ධකම් දක්වා යන එක. අන්න ඒක සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තියෙන සම්මත සමාජය නම් අනුමත කරන්නෙ නෑ. ඒ කියන්නේ බහුභාර්යා, බහුපුරුෂ සේවනයන් සමාජය ඇතුළේ නොකළ යුතුයි කියලනේ සැලකෙන්නේ. අන්න ඒ නිසා. හැබැයි එව්වා ඕකේ සමාජයක් වුනත් තියෙන්න පුළුවන්.

කොහොමටත් මේක වුනත් නරකයි, නොකළ යුතුයි කියලා අපිට කියන්න බැහැයි කියන එක අපි අවධාරණය කරනවා. මේක නරකයි කියලා කියන්නේ සම්මත මහා සමාජය. එතනින් එහාට, සමාජයට හෝ සමාජේ ඉන්න අයට හානියක්, අගතියක් නොවෙනවා නම් ඒ ඒ අයට ඕන විදියට ඒ ඒ අයට ජීවත් වෙන්න අයිතියක් තියෙනවනේ.

6. දෙන්නෙක් එක්ක එක පාර ලව් කරන එකට එකෙක් අප්සට් වෙන්නෙ නැද්ද?

ඇත්තටම මේ ‘ඒක් පූල් දෝ මාලි’ වර්ගයේ සම්බන්ධකම් වලට තියෙන ප්‍රධානතම ගැටළුව වෙන්නේ මෙන්න මේක තමයි. අයිතිය ගැන තියෙන හැඟීම. ඒ කියන්නේ මේකයි. දැන් අපි කෙනෙක් එක්ක ආදරෙන් බැඳිලා, ඒ ආදරේ ප්‍රකාශ කරලා සම්බන්ධකමක් හදාගත්තට පස්සේ, අපි “එයා මගේ” කියන තැන ඉඳලනේ කථා කරන්නේ, හා නැද්ද? මෙන්න මේ අයිතිය කියන එක හැදෙන්නේ ‘එයා සහ මම’ කියන සංකල්පයත් එක්ක. අපි හුරු වෙලා ඉන්නේ න්‍යෂ්ටික පවුල හැදෙන්නේ අම්මා සහ තාත්තා කියන දෙන්නාගෙන්ය කියන කතන්දරේට.

ඔන්න එතකොට ඕකත් එක්ක එනවා අර හිමිකම ගැන අදහස. ඒ කියන්නේ මම ආදරේ කරන මගේ නෝනා වෙන එකෙක් එක්ක කතා කර කර ඉන්නවා දැක්කොත් මම අප්සට් යන්න ඕනය කියන එක. එතකොට අර මගේ නෝනා මට වගේම තවත් කෙනෙක්ට ආදරෙයි කියන කතන්දරේට ලොවෙත් ඉඩක් නෑ. ඔතනට ඊර්ෂියාව, ලිංගික ඉරිසියාව වගේ කතන්දරත් ඇතුළත් වෙන්න ඕන!

7. ප්‍රමුඛතාවය කාටද?

ඔය දෙන්නෙක් එක්ක එක වර ආදර සම්බන්ධතා පවත්වාගෙන යෑමේදී ඇතිවෙන තවත් ප්‍රශ්නයක් තමයි මේක. දැන් අපි දකිනවා සමහරු ඇත්තටම එක පාර දෙන්නෙක් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යනවා තුන්දෙනාම දැනුවත්ව. ගොඩක් වෙලාවට එතනින් එක්කෙනෙක් තමන්ගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි. අනික් එක්කෙනා ලවර්. තුන්දෙනාම මේක දන්නවා. හැබැයි ප්‍රමුඛත්වය තියෙන්නේ හස්බන්ඩ්ට හරි වයිෆ්ට හරි තමයි. ඔය වගේ “ඕපන් රිලේෂන්ශිප්” ඇරේන්ජ්මන්ට් එකක් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

හැබැයි අපි හිතමු දෙන්නෙක්ට ආදරෙයි, දෙන්නෙක් එක්ක සම්බන්ධතාවය තියෙනවා, දෙන්නටම ප්‍රමුඛත්වය දෙන්නත් ඕන කියලා. ඔන්න ඕක අමාරු කාරණයක්. ඇයි? අපිට දවසේ තියෙන්නේ පැය විසිහතරයි. ආදර සම්බන්ධතාවයක් කියන්නේ කාලය, මානසික ශක්තිය වැයවෙන කාරණයක්. ගොඩක් වෙලාවට අපිට සම්පූර්ණයෙන් ඇටෙන්ෂන් දීලා ආදරේ කරන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. ඒ නිසා ඔය ‘දෙන්නෙක්ට ආදරෙයි’ සීන් වල ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ තමයි දැනුවත්ව හෝ නොදැනුවත්වම එක්කෙනෙක්ට ප්‍රමුඛත්වය ලැබෙන එක. අන්න ඒක ප්‍රශ්න පටන් ගන්න තැනක් වෙන්න පුළුවන්!

8. අවසානයේදී…

අන්තිමට කියන්න තියෙන්නේ මේකයි. අපි පටන් ගැන්මෙදී කිව්ව වගේ දෙන්නෙක් ගැන එක වර ආදරේ හිතෙන එක කිසිසේත්ම වැරැද්දක් කියලා අපිට කියන්න බෑ. දෙන්නෙක් එක්ක ආදර සම්බන්ධතාවයකට ප්‍රායෝගිකව යන එකත් වැරදියි කියන්න අපිට බෑ. හැබැයි එක්කෙනෙක්ට හොරෙන් අනික් එක්කෙනා රන් කරන්න යන එක, දෙන්නට දෙපැත්තට බොරු කියලා දෙන්නවම තියාගන්නවා වගේ සීන් නම් අපි අනුමත කරන්නෙ නෑ. මොකද ඔය ආදර සම්බන්ධතා වල බොරු කෙරිලි නවතින්නේම හිත් බිඳීම් ඇති කරලා. අන්න ඒ නිසා කෙලින් කියලා කරන්න පුළුවන් නම් ඕන දෙයක්! (Lifie)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අගමැති සටනට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කරයි
Next Article හෙට අර්ධ සූර්යග්‍රහණයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.