Author: Buzzer Editor

හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙඩිටරේනියන් ෂිපින් සමාගම විසින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කර ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා පවසයි. ඒ අනුව MV ‘MSC Ingrid’ බහාලුම් නෞකාව පසුගිය අප්‍රියෙල් 09 දා ප්‍රථම වරට ප්‍රතිඅපනයනය බහාලුම් තොගයක් සමග හම්බන්තොට වරාය වෙත පැමිණ ඇත. එමෙන්ම මෙඩිටරේනියන් ෂිපින් සමාගමට අයත් දෙවන බහාලුම් නෞකාව වන ‘MSC Sky11’ නෞකාව එළඹෙන 16 වැනිදා හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිත අතර එහිදි බහාලුම් 500කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිනැව්ගත කෙරෙන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය කියයි. බහාලුම් හැසිරිවීම වරාය යාන්ත්‍රණයේ අවසන් පියවර වන අතර එම සේවා ආරම්භ කිරීමත් සමග හම්බන්තොට ජාත්‍යන්තර වරාය දැවැන්තයකු…

Read More

ද්වී රාජ්‍ය සංකල්පය යටතේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීම කළ යුතු යැයි අවධාරණය කරමින්, පලස්තීන පාලනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව එරට විදේශ ඇමැතිනිය පෙනී වොංග් පවසා ඇත. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට හානි සිදුවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දිගින් දිගටම කනස්සල්ල පළ කර ඇත. පසුගිය දා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය ‘වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්’ සහන සේවකයන් අතරේ ඕස්ට්‍රේලියා කාන්තාවක ද සිටී. ඇගේ මරණයේ වගකීම ඊශ්‍රායල රජය බාරගත යුතු යැයි ද ඕස්ට්‍රේලියා රජය අවධාරණය කර ඇත. ද්වී රාජ්‍ය සංකල්පය යටතේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීම කළ යුතු යැයි ඕස්ට්‍රේලියාවේ මතය වුවත්, ගාසා…

Read More

කන්කසන්තුරෙයි වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අදාල ඉඩම් පවරා ගැනීම සඳහා රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත අත්තිකාරම් ගෙවීමක් වශයෙන් රුපියල් මිලියන 52ක් වරාය අධිකාරිය විසින් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත ගෙවා ඇතැයි රජය පවසයි. අදාල ඉඩම් කොටස් කිහිපය විධිමත් නීති ක්‍රියාමාර්ග අනුගමනය කරමින් රජයේ ඉඩම් ආඥා පනතේ 6(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නිරවුල් අයිතිය සහිත ප්‍රදානයක් වශයෙන් පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී…

Read More

ඇමෙරිකන් සංචාරයක් ආරම්භ කළ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ බිරිඳ යූකෝ ධවල මන්දිරයට පැමිණියහ. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල්ගෙන් ජපන් අග්‍රාමාත්‍යවරයාටත් බිරිඳටත් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ කලාපීය ආරක්ෂාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඇමෙරිකාවත්, ජපානයත් අතරේ ශක්තිමත් සබඳතා පවතී. එම සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

එල් සැල්වදෝර් රාජ්‍යයේ සිටින ඉහළ දක්ෂතා පෙන්නුම් කරන විද්‍යාඥයන්ට, ඉන්ජිනේරුවන්ට, කලාකරුවන්ට සහ දාර්ශනිකයන්ට පුරවැසිභාවය ලබා දෙන බව එල් සැල්වදෝර් වාමාංශික ජනාධිපති නයීබ් බුකේල් පවසයි. එල් සැල්වදෝර් යනු ස්පාඤ්ඤ බස කතා කරන මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි කුඩා රාජ්‍යයකි. ජනගහනය මිලියන 6,336 කි. විදෙස් උගතුන් සහ බුද්ධිමතුන්ට මෙසේ පුරවැසිභාවය ලබා දෙන්නේ රට සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව යැයි ද පැවැසෙයි. එම විදේශිකයන්ට පුරවැසිභාවය හිමිවීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීමට ද අයිතිය හිමිවනු ඇත. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 108 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා යොවුන් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 226 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 24 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 118 ක් පමණයි. ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ 14 හැවිරිදි චමෝදි ප්‍රබෝදා කඩුලු 5ක් දවා ගැනීමට සමත්ව වූවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට පෙරේදා (8) පූර්ණ සූර්ය ග්‍රහණය දකින්න ලැබුණු බවත් ඇමෙරිකන් මහද්වීපයේ මිලියන ගණනක් එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකාවේ නාසා ආයතනය, ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ සූර්ය ග්‍රහණය සිදුවන අයුරු සජීවීව විකාශය කළේය. යුරෝපා රටවල් කීපයකට ද මෙම සූර්ය ග්‍රහණය දිස්වූයේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසය. මෙක්සිකෝවේ මැසල්ටන් වෙරළාශ්‍රිත නගරයට ඉතා පැහැදිලිව සූර්ය ග්‍රහණය දිස් වූයේ මිනිත්තු කීපයක් දහවල රැය බවට පරිවර්තනය වෙමිනි. මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් ලෝපේස් ද සුර්ය ග්‍රහණය නැරැඹීමට උනන්දු විය. ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඊගල් පාස් සහ නිව්යෝක් වැසියන්ට සූර්ය ග්‍රහණය පැහැදිලිව දකින්න ලැබුණි. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම…

Read More

‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ ඊට අදාළ අනෙකුත් ප්‍රතිපත්තීන් සමඟ යෝග්‍ය පරිදි ඒ්කාබද්ධ කර ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පානීය ජල සැපයුම් සේවා අංශයේ පැන නැගී ඇති ප්‍රවණතා හා අභියෝගවලට මුහුණ දීම පිණිස වඩාත් පුළුල් සහ යාවත්කාලීන ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ උපදේශනය මෙන්ම මහජන අදහස්ද ලබාගෙන වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් , ‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සකක් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ මගින් සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත සහ ගුණාත්මක පානීය ජලය සදහා ඇති…

Read More

සියලු රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප් අද (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටිනවා. ඒ අනුව අවයැය මඟින් වැඩිවූ රු. 10,000 සමඟ අද සිට ආයතනවලට මුදල් නිදහස් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. රුපියල් බිලියන 107ක් මෙලෙස නිදහස් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

අදවන විට කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙකු තනිව සංචාරය (Solo Travel) කිරීමට කැමැත්තක් දක්වන බවත් එලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ටයිම් අවුට් සඟරාව පවසයි. 1997 සිට 2010 වසරේ දක්වා උපත ලද කාන්තාවන් බොහෝ දෙනෙකු අද වනවිට තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවද ටයිම් අවුට් සඟරාව ප්‍රකාශ කළේය. එම සමීක්ෂණයේ ප්‍රතිඵල මත සිදු කළ ශ්‍රේණි ගතකිරීමට ටයිම් අවුට් සඟරාව ප්‍රධාන වශයෙන් රටවල් 9 ක් ඇතුළත් කර ඇත. නවක මිතුරන්, වෙනස්වූ සංස්කෘතීන් සහ නොමැකෙන අත් දැකීම් සොයා ලෝකයේ ඈත කෙළවරවල් වල තිබෙන රටවල් පවා සංචාරය කිරීමට තරුණ වයසේ සිටින කාන්තාවන් බොහොමයක් වර්තමානයේ පෙළඹී ඇති…

Read More