අදවන විට කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙකු තනිව සංචාරය (Solo Travel) කිරීමට කැමැත්තක් දක්වන බවත් එලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ටයිම් අවුට් සඟරාව පවසයි.
1997 සිට 2010 වසරේ දක්වා උපත ලද කාන්තාවන් බොහෝ දෙනෙකු අද වනවිට තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවද ටයිම් අවුට් සඟරාව ප්‍රකාශ කළේය. එම සමීක්ෂණයේ ප්‍රතිඵල මත සිදු කළ ශ්‍රේණි ගතකිරීමට ටයිම් අවුට් සඟරාව ප්‍රධාන වශයෙන් රටවල් 9 ක් ඇතුළත් කර ඇත.
නවක මිතුරන්, වෙනස්වූ සංස්කෘතීන් සහ නොමැකෙන අත් දැකීම් සොයා ලෝකයේ ඈත කෙළවරවල් වල තිබෙන රටවල් පවා සංචාරය කිරීමට තරුණ වයසේ සිටින කාන්තාවන් බොහොමයක් වර්තමානයේ පෙළඹී ඇති බව එම සඟරාව වාර්තා කළේය. එලෙස වික්‍රමාන්විතයක තනිව යෙදීම සඳහා කාන්තාවට ආරක්‍ෂිත වටපිටාවක් ඇත්තේ රටවල් කිහිපයක පමණක් බවද එම සඟරාව පෙන්වා දුන්නේය.
සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව කළ ශ්‍රේණිගත කිරීමට අනුව එලෙස කාන්තාවකට තනිව ආරක්‍ෂිතව සංචාරය කළ හැකි රටවල් අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බවත් දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් පෘතුගාලයට සහ චෙකියාවට හිමිව ඇති බවත් ටයිම් අවුට් සඟරාව පැවැසුවේය. එම ශ්‍රේණිගත කිරීමේ සිව් වෙනි ස්ථානය ජපානයට හිමිව ඇති අතර අවසන් ස්ථානය වූ නව වැනි ස්ථානය නවසීලන්තයට හිමිව ඇත.
Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.