‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ ඊට අදාළ අනෙකුත් ප්රතිපත්තීන් සමඟ යෝග්‍ය පරිදි ඒ්කාබද්ධ කර ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
පානීය ජල සැපයුම් සේවා අංශයේ පැන නැගී ඇති ප්රවණතා හා අභියෝගවලට මුහුණ දීම පිණිස වඩාත් පුළුල් සහ යාවත්කාලීන ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව, අදාළ ක්ෂේත්රයේ විශේෂඥයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ උපදේශනය මෙන්ම මහජන අදහස්ද ලබාගෙන වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් , ‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සකක් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ මගින් සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත සහ ගුණාත්මක පානීය ජලය සදහා ඇති ප්‍රවේශය සහතික කිරීම, තිරසර ජල භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ජල අංශයේ ආර්තික වර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරිම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. (එසැණ)
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.