Author: Buzzer Editor

නිල සංචාරයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. අග්‍රාමාත්‍යවරයා සමඟ තව දූත පිරිස 11 දෙනකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ. මේ අතර තවත් දින කීපයකින් තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ” සක් සුරින් ” නැමැති ඇතා , විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් ආපසු රැගෙන යාමට නියමිතය. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ඊයේ දිනයේ (30) සිට යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස වැඩ ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරයා නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතට අනුයුක්ත කරන ලෙස දන්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක්ද යොමුකර තිබුණා. සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපීය නාල අවහිර කර මව්වරුන් වඳභාවයට පත්කළේයැයි චෝදනා ලැබ වසර 4 ක කාලයක් රැකියාවෙන් ඉවත්ව සිටීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට සිදු වූ අතර, එම චෝදනා වාචික හා ලිඛිත සාක්ෂි මඟින් ඔප්පු වී නොමැති බව අදාළ ලිපියේ දැක්වෙනවා. මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Read More

ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්, හොන්ඩා යතුරු පැදි පරීක්ෂාව සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් මෙහෙයවයි. අව්‍යාජ අමතර කොටස් භාවිතා කිරීමේ වැදගත්කම සහ ඒවා හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණයි. දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් සමඟ එක්ව මෙහෙයවන මෙම වැඩසටහන තුළින්, වර්තමාන ආර්ථික පසුබෑම හමුවේ යතුරුපැදි නඩත්තු කිරීමට පාරිභෝගිකයින්ට සහාය වීමට ද ස්ටැෆර්ඩ් මෝටර්ස් අරමුණු කරයි. මීට අමතරව, නිතිපතා නඩත්තු කිරීමට අවශ්‍ය ඕනෑම අමතර කොටසක් සඳහා 15% ක වට්ටමක් ද ස්ටැෆර්ඩ් මෝටර්ස් විසින් ලබා දෙනු ඇත. පළාත් මට්ටමින් මෙහෙය වන මෙම වැඩසටහන බස්නාහිර පළාතෙන් ආරම්භ වී 2023 මැයි 15…

Read More

හදිසියේ අහේතුකව නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා. නැවත ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික හා ගෝලීය වශයෙන් විශ්වාසනීයත්වයක් ඇති කිරීම සඳහා ඵලදායී සංචාරයක ජනාධිපතිවරයා නිරත වූ බවයි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටෑන්ස් කඩුලු 05කින් පරාද කර 2023 වසර ශූරයින් බවට පත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගැනීමට සමත් වුණා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි ඉනිමට ඉනිමේ තෙවැනි පන්දුව ක්‍රියාත්මක වීමෙන් අනතුරුව වර්ෂාවෙන් බාධා එල්ල වු අතර අනතුරුව තරගය පැය දෙකයි මිනිත්තු 20 ක පමණ කාලයක් නතර කිරීමට සිදු වුණා. පසුව තරගය ආරම්භ කෙරුණේ…

Read More

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කඩිනමින් රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය පවසයි. බෙලරූස් ජනාධිපතිවරයා පුටින් හමුවූයේ රුසියාවේ මොස්කව් නුවරට පැමිණි අවස්ථාවේදීය. මොස්කව් මහ රෝහලට ලුකෂෙන්කෝ ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් බෙලරූස් විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසා ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බෙලරුසියානු රජය හෝ රුසියානු රජය හෝ කිසිදු ප්‍රකාශයක් කර නැත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දින (30) දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මිටර 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. ඉන්දියාවේ කුකුළු ගොවිපළ දෙකකින් බිත්තර ආනයනය සිදු කළ බව පවසන සභාපති එයට අමතරව ඉන්දියාවේ තවත් ගොවිපළ තුනකින් බිත්තර මිල දී ගැනීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි ද කීය. ඉන්දියාවේ කුකුළු ගොවිපළ පරීක්ෂා කිරීමේ සංචාරයක නිරත වූ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ නිලධාරීන් තිදෙනා ලබා දී තිබූ වාර්තාව අනුව අලුතෙන් තවත් ගොවිපළ තුනකින් බිත්තර ගෙන්වීමට මෙසේ අවසරය ලැබුණු බව ද සභාපති ආසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය. දිනකට ලක්ෂ දහය බැගින් ආනයනය කරන…

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා එම ණය මුදල ලබාදී ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන ඔවුන් සැලකිලිමත්වන බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Read More

දේශීය ආරම්භක ව්‍යාපාර ව්‍යවසායක කුසලතා ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ අරමුණ බලගැන්වීමේ Hatch ගමන්මඟ තුළ තවත් සන්ධිස්ථානයක් තහවුරුකරමින් Hyperglade, Miris by Islandmom, True by Tina සහ Feelo ව්‍යාපාර සංවර්ධන කිරීමට අරමුදල් දායකත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙහිදී Silicon Valley ආයෝජක Tim Draper විසින් Hyperglade වෙත ඇ.ඩොලර් මිලියන 350,000 අරමුදල් දායකත්වයක් ලබාදීම සුවිශේෂි කටයුත්තක් විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිබල ගන්වන සමෘද්ධිමත් ආරම්භක පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණින් Incubator සහ Accelerator වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරමින් මෙරට දේශීය ව්‍යවසායකත්වය බලගැන්වීමට Hatch කටයුතු කරමින් සිටින අතර, ව්‍යවසායකයින් ආර්ථික සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වන බවත්, සහයෝගීතාව සෑමවිටම නව්‍යකරණයන් නිර්මාණය කරන බවත්, පසුබිම කුමක් වුවත් ලෝකය වෙත අර්ථවත්…

Read More