ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටෑන්ස් කඩුලු 05කින් පරාද කර 2023 වසර ශූරයින් බවට පත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගැනීමට සමත් වුණා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි ඉනිමට ඉනිමේ තෙවැනි පන්දුව ක්‍රියාත්මක වීමෙන් අනතුරුව වර්ෂාවෙන් බාධා එල්ල වු අතර අනතුරුව තරගය පැය දෙකයි මිනිත්තු 20 ක පමණ කාලයක් නතර කිරීමට සිදු වුණා. පසුව තරගය ආරම්භ කෙරුණේ පන්දුවාර 15 කදී ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කයක් චෙන්නායි කණ්ඩායමට ලබා දෙමින්. චෙන්නායි පිල ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.ඩෙවොන් කොන්වේ 47යි. පන්දු යැවීමේදී මෝහිත් ෂර්මා 36/3යි.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.