- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වැනිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය එල්පීඑල් තරගාවලියේ සිව්වැනි තරගාවලිය වන අතර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වීමට නියමිත වේ. ක්‍රීඩක වෙන්දේසියේ දී, එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයන් 24 දෙනෙක් සහ අවමය ක්‍රීඩකයන් 20 දෙනෙක් ලෙස සංචිතගත කර ගැනීමට හැකිව තිබෙන අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් එක් කර ගැනීමට ද හැකියාව ඇත. ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගනු ලබන ක්‍රීඩකයන් සහ වෙන්දේසියට පෙර සෘජුව ගිවිසුම්ගත වන ක්‍රීඩක ආදේශන ද ඇතුළත්ව එක් කණ්ඩායමකට ඇමෙරිකානු…
නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල්, නියෝජිත කණ්ඩායමක් ද පිරිවරා ගනිමින්, සිවුදින නිල සංචාරයකට, ඉන්දියාවට පැමිණියේය. ඉන්දීය රජයෙන් නේපාල අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. දාල් යළිත් වරක් නේපාල අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ පසුගිය වසරේ දෙසැම්බරයේය. ඉන්පසු ඔහු විදෙස් සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙයයි. මීට පෙර, 2008 වසරේ දී, නේපාල අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, පුෂ්ප කමල් දාල් අවස්ථා දෙකකදී ඉන්දියාවේ නිල සංචාර සඳහා පැමිණ තිබේ. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින්, බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සහ නේපාලයට ඉහළින් නව ගුවන් මාර්ග ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද නේපාල අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මේ වනවිටත්, නේපාලයේ ජල විදුලි ව්‍යාපෘති කීපයකට ඉන්දීය රජයේ අනුග්‍රහය…
අද දින (01) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දපොර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පලාත් සභා හා පලාත් පාළන වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදෙස්ගත වී නැවත පැමිණෙන තෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම කර තිබේ. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
CEYPETCO හා IOC සමාගමට අදාළ ඉන්ධන මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. අදාළ සංශෝධනය අනුව පෙට්‍රල් 95 ලීටරයක් රු.20 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රු.10 කින් ඉහළ දමා තිබෙන අතර පෙට්‍රල් 92 ලීටරයක් රු.15 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් 95 ලීටරයක නව මිල රු.385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රු.340 ක් වන අතර පෙට්‍රල් 92 ලීටරයක නව මිල රු.318 ක් වනවා. භූමිතෙල් ලීටරයක මිල රු.50 කින් පහත දමා ඇති අතර එහි නව මිල රු.245 ක්. සාමාන්‍ය ඩීසල් මිලෙහි වෙනසක් නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ. නව CEYPETCO…
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ Ceytea ආගරපතන කර්මාන්තශාලාව, පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් සිදුකරන ලද අනගි මෙහෙවරට කරනු ලබන අගය කිරීමක් වශයෙන් ඔවුන්ට මෙම සම්මානය පිරිනමනු ලැබීය. මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම ජනාධිපති පරිසර සම්මාන උළෙලෙහිදී පාරිසරික සංරක්ෂණය සහ ආරක්ෂාව වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් සහ ආයතන සඳහා සම්මාන පිරිනැමීම සිදුවිය. ජනාධිපති පරිසර සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණය සහ ආරක්ෂාව පිළිබඳව ක්‍රියාත්මක වනු ලබන ගෞරවනීයතම සම්මාන උළෙල ලෙස හැඳින්විය හැකිය. 2021-2022 වසර සඳහා වූ මෙම සම්මාන ප්‍රදානෝත්සවය අප්‍රේල් මස…
ජාතික පොසොන් සතිය අද (31) සිට ආරම්භ වනවා. මෙවර ජාතික පොසොන් සතියේ තේමාව “නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්” බවයි සඳහන් වන්නේ. පොසොන් සතිය අද සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ. පොසොන් සතිය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
ඇෆ්ගනිස්තානය සමග ජුනි දෙවැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම ශ්‍රී ලංකා සංචිතයට වසර 2 කට අධික කාලයකින් පසුව දිමුත් කරුණාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වනවා. සංචිතය සදහා දුෂ්මන්ත චමීර යළි කැඳවා ඇති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 29 හැවිරිදි දුෂාන් හේමන්ත පා දඟ පන්දු යවන්නෙකු ලෙස සංචිතයට ඇතුළත් කර ඇති අතර, IPL තරගාවලියේ දී විශිෂ්ඨ දක්ෂතා…
චීනය, පළමු වරට සිවිල් ගගනගාමියකු පෘථිවි කක්ෂයේ ඉදිකෙරෙන ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීමට සූදානම් වෙයි. ගුයි හයිචාඕ නමැති මෙම සිවිල් ගගනගාමියා වයඹ දිග චීනයේ ‘ජිකුවාන’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශය බලා යෑමට සූදානමින් සිටී. ගුයි හයිචාඕ ඉන්ජිනේරුවෙකි. මේ වනතුරු චීනය අභ්‍යවකාශයට යැවීම කළේ චීන අභ්‍යවකාශ ආයතනය හා සම්බන්ධ එරට හමුදාවේ පුහුණුව ලැබූ ගගනගාමීන් පමණි. ගුයි හයිචාඕ සමඟ තවත් ගගනගාමීහු දෙදෙනෙක් මෙම ගමනට එක්වෙති. එම ගගන මෙහෙයුමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ජිංග් හැපියැංග් ය. තෙවැනි ගගනගාමියා ද ඉන්ජිනේරුවෙකි. ඔහු සූ යැන්ග්සූය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද දිනයේ (31) දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවේ. පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරේ දක්වා ද මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ද වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව එම දෙපාරතමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.