Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » යුනිලිවර් Ceytea ආගරපතන කර්මාන්තශාලාව ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි
Financial 12 Views

යුනිලිවර් Ceytea ආගරපතන කර්මාන්තශාලාව ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

Buzzer EditorBy Buzzer EditorMay 31, 2023No Comments4 Mins Read12 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ Ceytea ආගරපතන කර්මාන්තශාලාව, පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් සිදුකරන ලද අනගි මෙහෙවරට කරනු ලබන අගය කිරීමක් වශයෙන් ඔවුන්ට මෙම සම්මානය පිරිනමනු ලැබීය.

මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම ජනාධිපති පරිසර සම්මාන උළෙලෙහිදී පාරිසරික සංරක්ෂණය සහ ආරක්ෂාව වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් සහ ආයතන සඳහා සම්මාන පිරිනැමීම සිදුවිය. ජනාධිපති පරිසර සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණය සහ ආරක්ෂාව පිළිබඳව ක්‍රියාත්මක වනු ලබන ගෞරවනීයතම සම්මාන උළෙල ලෙස හැඳින්විය හැකිය. 2021-2022 වසර සඳහා වූ මෙම සම්මාන ප්‍රදානෝත්සවය අප්‍රේල් මස 28 වන දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් BMICH හිදී පැවැත්විය.

Ceytea කර්මාන්තශාලාව සිය දෛනික සැපයුම් දාම මෙහෙයුම් ක්‍රියාවලිය උදෙසා වඩාත් තිරිසාර හා ආරක්ෂණ පිළිවෙත් යොදාගැනීම හරහා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් වීශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. එසේම පසුගිය දශකය තුළ බලශක්ති පරිභෝජනය 34% සහ ජල පරිභෝජනය 71% කින් අවම කරගැනීමට කර්මාන්තශාලාව සමත් වී තිබේ. කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 89% කින් අවම කරගැනීම ද මෙහිදී වැදගත් සාධකයක් ලෙස සැළකිය හැකිය. 2014 වසරේ සිට Ceytea කර්මාන්තශාලාව මඟින් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලබන අතර එමඟින් නිෂ්පාදන ක්‍රියාවලියේදී ජනනය වනු ලබන අපද්‍රව්‍ය 70% ක පමණ ප්‍රමාණයක් නැවත ප්‍රතිචක්‍රිකරණය කොට ජෛව ස්කන්ධ බොයිලේරු සඳහා අවශ්‍ය ඉන්ධන ලෙස හා ඉතිරි 30% ජෛව පොහොර වශයෙන් භාවිතා කිරීමට ද කටයුතු කර තිබේ.

යුනිලිවර් ශ්‍රී ලංකා හි Ceytea කර්මාන්තශාලාවේ කළමනාකාරීනි අනූෂා කොතලාවල මහත්මිය, අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආහාර හා පාන කර්මාන්ත කාණ්ඩයේ රන් සම්මානය ලබාගැනීම. පිලිවෙළින් ගරු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී. හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ද ඡායාරූපයේ පෙනී සිටියි.

මෙම ජයග්‍රහණය පිළිබඳව යුනිලිවර් Ceytea කර්මාන්තශාලා කළමනාකාරිනී අනූෂා කොතලාවල මහත්මිය මෙසේ සිය අදහස් දක්වන ලදී. “මෙරට පාරිසරික තිරසාරභාවයේ ප්‍රධාන සමාජිකයෙකු වීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම පාරිසරික ආරක්ෂණ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ කණ්ඩායම නිරතුරුවම කැපවීමෙන් කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම අපගේ අපද්‍රව්‍ය වලින් 70% ක් පමණ කර්මාන්තශාලාවට අවශ්‍ය වාෂ්ප ශක්තිය නිපදවීම වෙනුවෙන් ජෛව ස්කන්ධ බොයිලේරු වෙතටත්, ඉතිරි 30% අපේ රටේ තේ වතු වලට අවශ්‍ය ජෛව පොහොර නිෂ්පාදනය වෙනුවෙන් යොදාගන්නවා.”

“යුනිලිවර් ශ්‍රී ලංකා අපගේ මුලික අරමුණ සැපයුම් දාම ක්‍රියාවලිය තුළ පාරිසරික තිරසාරභාවය උපරිම වශයෙන් ආරක්ෂා කරගැනීමයි. ඒ වෙනුවෙන් අපි නිරතුරුවම නව්‍ය ක්‍රියාකාරකම් අත්හදාබැලීමට කටයුතු කරනු ලබනවා. මෙම ජයග්‍රහණය අපට මහත් අභිමානයක් මෙන්ම තවත් මෙබඳු පරිසර හිතකාමී ක්‍රියාකාරකම් දියත්කිරීමේ උත්ප්‍රේරණයක් ලෙසත් සලකන්න පුළුවන්. පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් මෙම ජයග්‍රහණය ලැබු Ceytea කර්මාන්තශාලා කළමනාකාරිනී අනූෂා කොතලාවල මහත්මිය ඇතුළු කණ්ඩායමට මගේ හෘදයාංගම සුබ පැතුම් එකතුකරනවා.” යුනිලිවර් සැපයුම් දාම අධ්‍යක්ෂ දමිත් අබේරත්න මහතා ද මෙසේ සිය අදහස් දැක්වීය.

Ceytea කණ්ඩායමේ සාමාජිකයින්

මෙම අවස්ථාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුනිලිවර් ශ්‍රී ලංකා හි සභාපතිනී හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙරට පරිසරය වෙනුවෙන් දක්වන කාර්යක්ෂම දායකත්වය ජනාධිපතිතුමාගේ අගැයීමට ලක්වීම පිලිබදව අපි නිහතමානීව ආඩම්බර වෙනවා. තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා විවිධ පාරිසරික සංරක්ෂණ කටයුතු සිදුකරන අතරතුර ආයතනික වශයෙන් සිදුකරන මෙම ඇගයීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරියට බෙහෙවින් ස්තුතිවන්ත වනු ලබනවා.”

Pepsi-Lipton JV විසින් නිෂ්පාදනය කරනු ලබන අයිස් ටී සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍යක් වන Black Instant Tea Powder, Ceytea කර්මාන්තශාලාව විසින් නිෂ්පාදනය කරනු ලබයි. Lipton සහ Brisk වැනි ලෝක ප්‍රකට වෙළඳනාම යටතේ ගෝලීය අයිස් ටී වෙළෙඳපලෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් Pepsi-Lipton සන්නාම සපයනු ලබයි. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන කර්මාන්තයේදී ප්‍රතිසැකසුම් තේ මිලදී ගෙන නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඒවා Black Instant Tea Powder බවට පරිවර්තනය කිරීමද Ceytea කර්මාන්තශාලාව විසින් සිදු කරන අතර එමඟින් ප්‍රතිසැකසුම් තේ වෙනුවෙන් වටිනාකමක් නිර්මාණය කරයි. ගෝලීය වශයෙන් වටිනාකමින් යුත් Ceylon Tea සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන ගමනේ පුරෝගාමී මෙහෙවරක Ceytea කර්මාන්තශාලාව නිරතවන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 17 ක් ඉක්මවන විදේශීය විනිමයක් මෙරටට රැගෙන ඒමට ද කටයුතු කරයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජාතික පොසොන් සතිය අදින් ඇරඹෙන වගයි
Next Article CEYPETCO, IOC ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.