ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, අසරණ වූ පලස්තීන වැසියන් අතරේ, පැතිර යන නව පෝලියෝ වයිරස ප්‍රභේදය මැඩලීමට නම්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් අවශ්‍ය යැයි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ගාසා තීරයෙන් ලබා ගත් අපද්‍රව්‍ය සාම්පලවල තිබී, මෙම පෝලියෝ වයිරස ප්‍රභේදය හමුවුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය මුලින්ම බිය පළ කළේ පසුගිය ජූලි 20 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ ‘වීඩීපීවී2’ යනුවෙනි. මෙය සාමාන්‍ය පෝලියෝ වයිරසයට වඩා බිහිසුණු බව පැවැසෙයි.
කඩිනමින් සටන් විරාමයක් ආරම්භ වුවහොත්, තම සෞඛ්‍ය නිලධාරීන්ට සහ වෛද්‍යවරුන්ට ගාසා තීරයට යෑමටත්, අඩපණ වුණු පෝලියෝ ප්‍රතිශක්තිකරණ එන්නත් කුඩා දරුවන්ට ලබා දීම යළි ආරම්භ කිරීමටත් හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. (AFP)
මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්රවෘත්ති අංශයට පිවිසෙන්න.