කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කලවාන මායිම ආරම්භ වෙන ස්ථාණයේ නායයෑම් සහිත ස්ථාණයක බැම්මක් සකස් කිරිමට යැමේදි යළිත් මාර්ගයේ කොටසක් නායයෑමට ලක්ව ඇතැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ නිළධාරියෙකු පැවසිය.
කලවාන මායිමේ 28-1 බෝක්කුව අසළ ස්ථාණයේ නායයෑම යළිත් සක්‍රිය විම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර නිළධාරින් විසින් 29 වනදා නිරික්ෂණය කර තිබේ.
මෙම අවදානම් තත්ත්වයට පිළියම් යෙදිම ගැන ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය ව්සින් අදාල ඉදිකිරීම සිදු කරන කොන්ත්‍රාත්කරුට සහ මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දි තිබේ.
මෙම ස්ථාණයේ මාර්ගයේ භාගයක් නායයෑමට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් ව්සින් රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දි තිබිමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පරික්ෂණ සිදු කරනු ලැබිය.
මාර්ගයේ නායයෑම් අවදානම් තත්ත්වය වැළක්විම සදහා අද (31) බැම්ම ඉදිකිරීම ආරම්භ කර ඇතැයි ද අවදානම් තත්ත්වය මග හරවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිළධාරියෙකු පැවසිය.
මෙම ස්ථාණයේ නායයෑම වැළක්විමට බැම්මක් ඉදිකිරීම පසුගිය 24 වනදා ආරම්භ වු පසු එහි ඉදිකිරීම් කටයුතු සිදු වෙද්දි යළිත් මාර්ගයේ බොක්කුව අසළ කොටසක් නායයෑමට ලක්වු බව ප්‍රදේශවාසීන් පවසති. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.