Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, June 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි, ළමා සුරක්ෂිතතාව නැංවීම වෙනුවෙන් අත්වැල් බැඳ ගනියි
Financial 7 Views

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි, ළමා සුරක්ෂිතතාව නැංවීම වෙනුවෙන් අත්වැල් බැඳ ගනියි

Buzzer EditorBy Buzzer EditorOctober 10, 2023No Comments5 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙන, එම අනතුරු වළක්වා ගන්නේ කෙසේද, අනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ ද, දරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන් නව ක්‍රියාකාරකම් මාලාවක් ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අත්වැල් බැඳ ගෙන තිබේ. සෑම පැය 04කට වරක්ම අනතුරු නිසා දරුවෙක් මිය යයි. සතියක දී දරුවන් 50ක් ද, මාසයක දී දරුවන් 215ක් ද වශයෙන් ශ්‍රී ලංකාවේ දරුවන් අතර වන වළක්වා ගත හැකි අනතුරු නිසා ළමා මරණ සිදු වේ. නොසැලකිළිමත්බව හා නොදැනුවත්කම නිසා දරුවන්ට සිදු වන වළක්වා ගත හැකි අනතුරු නිසා දෛනිකව වාර්තා වන මරණ හා අනතුරු වළක්වා ගැනීම හා අවම කිරීම මෙම සහයෝගීතාවයේ අරමුණයි.

ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම වෘත්තීය වෛද්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය, මහජන සෞඛ්‍ය වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කිරීමට හා ගුණාත්මක බවින් යුතු සේවයක් සැපයීමට කටයුතු කරයි. 60 වසරකට අධික පාරිභෝගික විශ්වාසය දිනා ගත් බේබි ෂෙරමි ළදරුවන්ට සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීම මූලික අරමුණ කර ගනිමින් කටයුතු කරන ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමයයි.

ශ්‍රී ලංකාවේ ළමුන් අතර සිදු වන මරණ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන අනතුරු ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ, ප්‍රවාහන අනතුරු, දියේ ගිලීම්, වැටීම්, පිළිස්සීම්, සහ විස ශරීරගත වීම යන හේතූන් ය. බාහිර තුවාල, බල්ලන්ගේ සපා කෑම්, අස්ථි බිදීම් හා පැනීම් යනාදී වශයෙන් අනතුරු හා තුවාලවල විවිධ ස්වභාවයන් දැක ගත හැකියි. 2022 වසරේ දී මාර්ග අනතුරු හේතුවෙන් දරුවන් 2713 දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබේ. මෙවැනි බරපතල අනතුරුවලට මුහුණු දුන් දරුවන් එහි අතුරු ඵලයන් ලෙස දිගු කාලීන ආබාධිත තත්වයන්ගෙන් සහ සුව නොවන වේදනාවන්ගෙන් සිය ජීවිත කාලය පුරාවට පීඩා විඳියි. මෙය දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය අහිමි කරවන සහ ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපෑම් කරන්නකි. අනතුරුවලින් 47%ක් වන වැඩිම ප්‍රතිශතය වාර්තා වන්නේ වයස අවුරුදු 10-14 වයස් කාණ්ඩයේ ළමුන් අතර සිදු වන අනතුරුවලිනි. අවුරුදු 5-9 අතර වයස් කාණ්ඩයේ දරුවන් අතර සිදු වන අනතුරු, සමස්ත අනතුරුවලින් 19%ක ප්‍රතිශතයක් වේ. රුපියල් මිලියන 1100ක රාජ්‍ය අරමුදලින් රුපියල් මිලියන 1100ක මුදල මොවුන්ගේ ප්‍රතිකාර සඳහා වැය කර ඇත.

මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ශිරෝමි මාදුවගේ මහත්මිය, “ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය, බේබි ෂෙරමි සමඟ එකට එක්ව, දරුවන් අතර අනතුරු වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම, ආබාධ වළක්වා ගැනීම හා මරණ අවම කිරීම සඳහා සහයෝගීව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. මෙම සහයෝගීතාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟින්, අපි නිතරම අපේ දරුවන්ව ආරක්ෂිතව තබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව තොරතුරු බෙදා දෙන ක්‍රියාකාරකම් මාලාවක් ද දියත් කරනවා. අපේ මූලිකම අරමුණ, උසස් මට්ටමේ රැකවරණයක් සමඟින් මහජන සෞඛ්‍ය මුලපිරීමවලට සහය දෙමින් මහජන සෞඛ්‍ය නගා සිටුවීමයි. සෑම විටම දරුවාගේ ආරක්ෂාව සහතික කළ හැකි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙම සහයෝගීතාව තුළින් අපි එළි දක්වනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ මිලග සභාපති වෛද්‍ය කපිල ජයරත්න මහතා, “සෑම වසරකම වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයෙන්, 260,000කට අධික පිරිසක් අනතුරුවලට ලක්ව රෝහල්වලට ඇතුළත් කරනවා. ළමුන් අතර වන අනතුරු ආශ්‍රිත මරණවලින් බොහෝමයක් සිදු වන්නේ රෝහල්වලින් පිටත දී. දෙමව්පිය වැඩිහිටියන් අනතුරු පිළිබඳව හැකි සෑම විටම සුපරීක්ෂාකාරීව සිටීමේ ඇති වැදගත්කම හා අවශ්‍යතාව පිළිබඳව මින් පෙනී යනවා. ළමුන් අතර සිදු වන අනතුරු වැළැක්වීමේ අවශ්‍යතාවය ඉස්මතු කිරීම අත්‍යවශ්‍යම දෙයකි. අනතුරු සිදු වීම වැළැක්වීමට අපි පියවර ගන්නා අතර තුර, දරුවන්ට නිර්මාණශීලී වීමට, ක්‍රීඩා කිරීමට සහ ඔවුන්ගේ අවට පරිසරය ගවේෂණය කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. දරුවන්ට සමීපව, සුපරික්ෂාකාරිව සිටීමෙන් අනතුරු සිදු වීම වළක්වා ගන්න පුළුවන්. අපි අපගේ දැනුම හා අත්දැකීම් මෙම වැඩසටහන හරහා බෙදා හදා ගැනීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ළමුන්ව ආරක්ෂා කර ගැනීමේ වැඩිහිටියන් සතු වගකීම තවදුරටත් සමාජය අතර බෙදා ගනිමින් දිවයින පුරා මෙම පණිවිඩය ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.” ලෙස කරුණු දැක්වීය.

Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්‍ෂ ශියාන් ජයවීර මහතා “දරුවන් අතර සිදු වන අනතුරු හා මරණවලට ප්‍රධානතම කරුණ වන්නේ දෙමාපිය වැඩිහිටියන් අතර ඒ පිළිබඳව පවතින අවබෝධයක් නොමැතිකම සහ නොසැළකිල්ලයි. මෙය ඉතාමත් කණගාටුදායක කරුණක්. මේ නිසා බේබි ෂෙරමි දරුවන්ට සුරක්ෂිත ලොවක් තහවුරු කිරීමේ තම සන්නාමයේ අරමුණු මූලික කර ගනිමින් දෙමාපියන්, වැඩිහිටියන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ළමා ආරක්ෂණ පිළිබඳ දැනුම හා දැනුවත්භාවය ඉහළ නැංවීමට කටයුතු කරනවා. දරුවන්ව නිවස තුළ සහ පිටතින් ඇති විය හැකි උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමව්පියන් හා වැඩිහිටියනන් වෙත නිවැරදි සහ විද්‍යාත්මක උපදෙස් ලබා දෙන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ දරුවන් අනතුරුවලට ලක් වීමට හේතු පිළිබඳව දැනුවත් කිරීම සහ අනතුරු වැළැක්වීමේ ක්‍රම අනුගමනය කිරීමෙන් ඒවා වළක්වා ගත හැකි ආකාරය පිළිබඳ විශේෂඥ උපදෙස් බෙදා ගැනීමයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා බේබි ෂෙරමි විසින් නිවාස අනතුරු වැළැක්වීමේ මාර්ගෝපදේශ පොත් බෙදා හැරීම, ආරක්ෂිත පියවර අඩංගු පෝස්ටර් ව්‍යාපාරයක් සහ ළමා අනතුරු වැළැක්වීම පිළිබඳ ඩිජිටල් මාධයෙන් දැනුවත් කිරීම් වැඩසටහන් මාලාවක් ඇතුළු ක්‍රියාකාරකම් මාලාවක් දියත් කිරීමට අදහස් කරගෙන සිටිනවා” ලෙස සිය අදහස් දැක්වීය.

බේබි ෂෙරමි, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, අවශ්‍ය සම්පත් එකතු කර ගනිමින් අනාගත පරම්පරාවේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට කැප වී සිටියි. මෙම වැඩසටහන මගින් මෙරට සිදු වන ළමා මරණ, අනතුරු සහ ආබාධවල සංඛ්‍යාත්මක දත්ත අඛණ්ඩව අධීක්ෂණය කරමින් එම අනතුරු අවම කිරීමට ගෙන ඇති වැඩසටහන්වල සාර්ථකත්වය සහතික කරනු ඇත.

ළදරුවන් සඳහා ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම සඳහා බේබි ෂෙරමි හි කැපවීම, ගැබිනි මව්වරුන් සහ පියවරුන් සඳහා සකස් කරන ලද අධ්‍යාපනික වැඩසටහන්, දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටීම, මාපිය මාර්ගෝපදේශ පොත් නිර්මාණය කිරීම සහ බෙදා හැරීම, ඩිජිටල් මාධ්‍ය වේදිකා හරහා විශේෂඥයින් ප්‍රමුඛ අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම ඇතුළත් ඔවුන්ගේ නොයෙකුත් අතීත ව්‍යාපෘති තුළින් පැහැදිලි වේ.

දංකොටුවේ පිහිටි බේබි ෂෙරමි Safety Institute හි පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලංකාවේ ළදරු ආරක්ෂණ වෙළඳපොළ තුළ ආරක්ෂිත ප්‍රමිතීන් ස්ථාපිත කරමින් ළදරුවන්ට ආරක්ෂිතම නිෂ්පාදන ලබා දීමට සන්නාමය පියවර ගනිමින් සිටින අතර එමඟින් ළදරු නිෂ්පාදනවලට ඉහල ප්‍රමිතියක් ස්ථාපිත කරයි. මෙම නොයෙකුත් උත්සාහයන් මඟින් අනාගත පරම්පරාවේ සුරක්ෂිත බව සඳහා සමාගමේ කැපවීම අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය ,ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය තම ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකා, ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන අතර, මෙම කර්තව්‍යයන් තුළින් ජනතාවගේ ජිවිත සුරක්ෂිතතාවය වෙනුවෙන් හා ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය තත්වයන් ඉහළ නැංවීමට විශාල දායකත්වයක් සපයයි.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
Next Article උසස්පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ
Buzzer Editor
  • Facebook

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.