ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. වෙළෙඳපොළේ පවතින ලිට්රෝ ගෑස් මිල සහ ලාෆ්ස් ගෑස් මිල අතර වෙනස රුපියල් 708 ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ වන විට ලිට්රෝ ගෑස් මිල සඳහා පමණක් ක්‍රියාත්මක මිල සූත්‍රය ලාෆ්ස් ගෑස් සදහාද ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.