Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වප් පුන් පොහෝ දිනයේ ශාසනික වැදගත්කම
Blog 6 Views

වප් පුන් පොහෝ දිනයේ ශාසනික වැදගත්කම

Buzzer EditorBy Buzzer EditorOctober 9, 2022No Comments5 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

පෙරවස් පවාරණය

වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා පෙරවස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ භික්ෂූන් වහන්සේලා සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමිනි. “සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුනා නම්, සැකයක් ඉපදුනා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරදි කරගනිමි.“ යනු එහි තේරුමයි. සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරනා භික්ෂූන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවන් කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගනිති. පැවිදි උතුමන් වහන්සේලා සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරුකර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස්කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණයන් සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය.

අසිරිමත් දේවාවරෝහණය

භාග්‍යවතුන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්ඛ මූලයේදී තීර්ථකයන්ගේ මානය මර්ධනය කරනු පිණිස, යමක මහා ප්‍රාතිහාර්යය දක්වා සත්වෙනි වස් කාලය ගත කරනු පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ සේක. සක්දෙව් රජුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්මය දෙසූ සේක. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් අවබෝධ කළහ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය.

වැඩියා මුනි ආපසු සැනසුම දෙන….

ඉක්බිති ශාස්තෘන් වහන්සේ වස් නිමා කොට සක් දෙවිඳු අමතා, “දෙව්රජ, මා මිනිස් පියසට වඩින්නටයි සූදානම් වන්නේ” කියා වදාළා. සක් දෙවිඳුන් ස්වර්ණමය පඩිපෙළකුත්, මාණික්‍යමය පඩිපෙළකුත්, රිදීමය පඩිපෙළකුත් මැව්වා. පඩිපෙළ් තුනේ පහළ ම පඩිය සංකස්ස නගරද්වාරයෙහි පිහිටි අතර ඉහළ ම පඩිය සිනේරු පර්වත මුදුනේ පිහිටියා. දකුණුපස තිබූ රනින් නිමවූ පඩිපෙළ දෙව්වරුන්ටයි වෙන්වුණේ. වම්පස තිබූ රිදියෙන් කළ පඩිපෙළ මහා බ්‍රහ්මරාජයාණන්ටයි වෙන්වුණේ. මැද තිබුණු මාණික්‍යමය පඩිපෙළ භාග්‍යවතුන් වහන්සේ උදෙසායි.

භාග්‍යවතුන් වහන්සේ සිනේරු පර්වත මුදුනෙහි වැඩ සිට දෙව්ලොවින් මනුලොව වඩිනා වේලෙහිත් යමාමහ පෙළහර දක්වා උඩ බලා වදාළා. සියලු බඹලොව එක ම අංගණයක් වුණා. යට බලා වදාළ විට අවීචි නිරය දක්වා එක ම අංගණයක් ව පෙනුණා. දිසා අනුදිසා බලා වදාළා. නොයෙක් සක්වළ එක ම අංගණයක් ව පෙනුනා. දෙව්වරු මිනිස්සුන්වත් මිනිස්සු දෙවිවරුන්වත් දැක්කා. එකිනෙකාව මුණගැසුනා වාගෙයි දුටුවේ.

තුන්ලොව අගරජු ඔබයි සමිඳුනේ….

භාග්‍යවතුන් වහන්සේ ෂඞ්වර්ණ බුද්ධ රශ්මිය විහිදෙව්වා. රන්වන් පඩිපෙළින් දෙව්වරු බැස්සා. රිදී පඩිපෙළින් බ්‍රහ්මරාජවරු බැස්සා. මැණික් පඩිපෙළින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළා. පඤ්චසිඛ ගාන්ධර්ව පුත්‍රයා ඛේලුවපණ්ඩු වීණාව ගෙන දකුණුපසින් සිට ශාස්තෘන් වහන්සේට ගාන්ධාර්වයන්ගේ මධුර වූ දිව්‍ය වීණා ශබ්දයන්ගෙන් පූජා පවත්වමින් බැස්සා. මාතලී රථාචාර්ය තෙමේ වම්පසින් සිට දිව්‍ය සුගන්ධ පුෂ්පමාලාවන් ගෙන නමස්කාර කරමින් පූජාකොට බැස්සා. මහා බ්‍රහ්මයා ඡත්‍රය දැරුවා. සුයාම දිව්‍යපුත්‍රයා සුදු චාමර දැරුවා. භාග්‍යවතුන් වහන්සේ මේ දෙව් – බඹ පිරිවර මැදින් බිමට වඩිමින් සංකස්ස නගරද්වාරයෙන් මහා පෘථිවිය ස්පර්ශ කළා.

අග්‍රශාවක සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ශාස්තෘන් වහන්සේට වන්දනා කොට සම්බුදු සිරිය නරඹමින් මෙම ගාථාව පැවසුවා.

“න මේ දිට්ඨෝ ඉතෝ පුබ්බේ – න සුතෝ උදකස්සචි
ඒවං වග්ගුවදෝ සත්ථා – තුසිතා ගනිමාගදෝ”

තුසිත දෙව්ලොව සිට මිනිස් පියසට වැඩම කළ මෙබඳු මිහිරි වදන් තෙපලන ශාස්තෘන් වහන්සේ වැනි කෙනෙක් මින් පෙර නම් මා දැක නැත. මෙබඳු උතුමෙකු ගැන අසා ද නැත. යනාදියෙන් සිය සතුට පළ කළා. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අද දෙවි මිනිස් හැමෝම භාග්‍යවතුන් වහන්සේ දැක දැක සතුටුවෙනවා.” කියා පැවසුවා.

“සාරිපුත්තය, මෙබඳු ගුණයෙන් සමන්විත වූ, සම්බුදුවරුන් දෙව් මිනිසුන් හට ඉතා ප්‍රිය තමයි” කියා පැවසූ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථා රත්නය වදාළා.

යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතා
දේවා’පි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං

දැහැන් සුවයෙහි රැඳී සිටිනා – උතුම් නුවණින් දිලී සිටිනා
උතුම් නිවනෙහි ඇලී සිටිනා – බුදුවරුන් සිහි නුවණ තිබෙනා
දෙවිවරුන් සිහිකරති තුටිනා

මේ ධර්ම දේශනාව අවසානයේ තිස්කෝටියක් පමණ වූ ප්‍රාධෑන් මාර්ග ඵල අවබෝධ කළා. සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පන්සියනමක් අරහත්වයට පත්වුණා. මේ අසිරිමත් සම්බුදු පෙළහර සිදුවුණේ උතුම් වප් පුන් පොහෝ දිනයක යි.

එමෙන් ම දේවාවරෝහණය දැක පැහැදුනු බොහෝ දෙනෙක් ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලබා මග ඵල නිවන් පසක් කළහ. මතු බුදුවන මෛත්‍රි බෝධිසත්වයන් වහන්සේ ද එදින ගෞතම සසුනේ උතුම් පැවිදි බව ලබාගත්තේ ය.

විනය සංගායනාව

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා උදාර සේවාවක් සිදුකළ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන්ගෙන් “ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටියේදැයි“ විචාලේය. “එම්බා මහරජ, ශාසනය පිහිටියේය. එහෙත් තවම මුල් බැසගෙන නැත” යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන් සේක. “ශාසනය මුල් බැස ගන්නේ කෙසේදැයි?” තව දුරටත් රජු විසින් විචාරන ලදුව “යම් කලෙක මේ හෙළ දිවයිනෙහි සිංහල මව්පියන් හට දාව උපන් දරුවෙක් මෙහි දී ම පැවිදිව විනය පිටකය ඉගෙනගෙන මේ දිවයිනෙහි ම විනය සංගායනා කරයිද, එකල්හී බුද්ධ ශාසනය මුල් බැසගත්තා වන්නේය“ යැයි මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කළහ. ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහා අරිට්ඨ මාහිමියන්ට මේ සුදුසුකම් සියල්ලම පිහිටා තිබුනි. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පිරිදි ථූපාරාමය සෑ මළුවේදී අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහරහතන් වහන්සේලා වප් පුන්පොහෝ දින විනය පිටකය සංගායනා කළ සේක. ඒ මොහොතෙහි ලක්දිව සම්බුදු සසුන මුල්බැස ගත් ප්‍රීතියෙන් මිහිකත කම්පිත විය.

ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම

ලංකාද්වීපයේ රාජ්‍යය පාලනය කළ දේවානම්පිය තිස්ස රජු මිහිඳු මහරහතන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය අසා බුදු සසුනේ බොහෝ සේ පහන් වූ සිත් ඇත්තේ දිවමන් මුනි රජාණන් බඳු වූ ඒ ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවාගෙන ඒම පිණිස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ කතිකා කරන්නට විය. ඒ අනුව අරිට්ඨ මහා අමාත්‍යවරයා ප්‍රධාන දූත පිරිවරක් දඹදිව ධර්මාශෝක අධිරාජයා වෙත් පිටත් කරවා යැවීය.

එහි ප්‍රතිඵලයක් ලෙස මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ සමඟ කරුණු පැහැදිලි කරගත් ධර්මාශෝක නරේන්ද්‍රයන් මහා බෝධි ශාඛාවක් වැඩම කරවීමට සියල්ල සංවිධානය කරවන්නට වූහ. විජය ශ්‍රී ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ මනාකොට සරසා පුද පූජාවන් පවත්වා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වෙන් කරගැනීමට ධර්මාශෝක රජු රන් තෙලිතුඩක් ගෙන මහා බෝධීන් වහන්සේත් දක්ෂිණ ශාඛාවත් වෙන් වන පරිදි රේඛාවක් ඇන්දේ ය.

සැබැවින් ම ආශ්චර්යයකි! රැස් ව සිටි පිරිසගේ සාධුකාර මැද දක්ෂිණ ශාඛාව තෙමේ ම වෙන් වී පිළියෙළ කොට තිබූ රන් කටාරමේ පිහිටන්නට වූ සේක. කටාරමේ පිහිටි බෝධි ශාඛාව එයත් සමඟ ම ඍද්ධියෙන් අහසට පැන නැඟ වළා අතර නොපෙනී ගිය සේක. මේ මහා අසිරිය සිදු වූයේ උතුම් වූ වප් පුන් පොහෝ දිනයක දී ය.

මෙවන් උදාර ශාසනික සංසිද්ධීන්ගෙන් සෝභාමත් වූ උතුම් වප් පුන් පොහෝ දින අපිත් පින් රැස් කරගෙන, ගුණදම් දියුණු කරගෙන, පිළිවෙත් සපුරා උතුම් මග ඵල නිවනින් සැනසෙන්නට අදිටන් කර ගනිමු.

මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.

blog featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවියට්නාමයේ පිහිටි අරුම පුදුම රත්තරන් හෝටලය
Next Article ඉන්ධන පිරවුම්හලක විශාල පිපිරීමක්. දැඩි ජීවිත හා දේපල හානි.
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.