චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා වන සාකච්ඡා ක්‍රියාවලිය වේගවත් කිරීමට දෙපාර්ශවය එකඟවී තිබෙනවා.
77 වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අතරතුර චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අතර පැවති හමුවේදී මේ බව සඳහන් කර තිබෙනවා.
එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශවය එකඟවී ඇති බවද සඳහන්.
හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය සහ අනෙකුත් ප්‍රමුඛ ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඉහළ නැංවීමටද සාකච්ඡා කර තිබෙනවා.