ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටිමේ යෝජනාවක් අද (31) සම්මත වී තිබේ.
මෙම ඒකමති යෝජනාව සම්මත වූයේ අද රැස්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ මණ්ඩල රැස්වීමේදීය.
එම රැස්වීමේදී තීරණය වී ඇත්තේ නීතිඥ සංගමයේ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා එහි උප සභාපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත් කිරීමටයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පත් කරන ලද විශේෂ කමිටුවක් විසින් ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතරවු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් නිකුත් කළේ ය.
එම වාර්තාවෙන් අනාවරණය වූයේ ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා අදාළ ගනුදෙනුවලදී විනිවිධභාවයකින් කටයුතු කර නොමැති බවයි.
එම ගනුදෙනුවලදී කොන්ත්‍රාත් කටයුතු සහ පර්යේෂකයින් තෝරා පත් කර ගැනීමේ කාර්යය කෞෂල්‍ය නවරත්න මහතාට පැවරී තිබිණි.
ඔහු මෙම කටයුත්තේදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇතැයි වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.