Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බ්‍රිතාන්‍යයේ මොකද වුනේ? එහෙම වුනේ ඇයි?
World News 32 Views

බ්‍රිතාන්‍යයේ මොකද වුනේ? එහෙම වුනේ ඇයි?

Buzzer EditorialBy Buzzer EditorialAugust 13, 2024Updated:August 13, 2024No Comments11 Mins Read32 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඇත්තම කතාව නම් බ්‍රිතාන්‍යයයේ ඇතැම් සංක්‍රමණිකයන්ට මේ දිනවල යම් ආතතියක් තිබෙනවා.

විශේෂයෙන් එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ මේ තත්ත්වය දක්නට ලැබුණා. මෑත කාලයේ සිදුවීම් කිහිපයක් සමග ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තත් මෙය කාලාන්තරයක් තිස්සේ යටපත්ව පැවති ස්වදේශිකයන්ගේ ආවේගයන් එළිපිටට පැමිණීමක්.

එහෙම වෙන්න හේතුව සෑම රටකදීම වගේම බ්‍රිතාන්‍යයේදිත් අවශ්‍ය අවස්ථාවේ නිවැරදි දේශපාලන තීරණ නොගැනීමයි. නීති විරෝධී සංක්‍රමණ ඇතුළු සංක්‍රමණ ඉහළ යාමත් සමග පැන නැගී ඇති ගැටළුවලට දියාරු සහගත විසඳුම් පමණයි දක්නට ලැබුණේ.

දරාගත නොහැකි විදෙස් සංක්‍රමණ

2023 දී පමණක් මිලියන 1.3 ක් පමණ විදේශිකයන් පිරිසක් බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. එහි මුළු ශුද්ධ සංක්‍රමණ සංඛ්‍යාව 685,000 ක්.

එමෙන්ම සාමාන්‍යයෙන් එංගලන්තයේ සහ වේල්සයේ පමණක් මෑතකාලයේ දරුවන්ගෙන් තුනෙන් එකක් පමණම උපත් ලැබී තිබෙන්නේ විදෙස් මව්වරුන්ගෙන්. ඉන්දියාව සහ පාකිස්ථානය එහි මුළම සිටිනවා.

2021 ජන සංඝණනයට අනුව බ්‍රිතාන්‍යයේ සුදු ජාතිකයන් 81% ක් වුවත් මේ වන විට එය තවත් පහත වැටී තිබෙනවා. මුස්ලිම් ජනගණය මිලියන 4 ඉක්මන අතර එය දෙවන වැඩිම ආගමික කණ්ඩායමද වනවා. ලංඩනයේ පමණක් 15% වැඩි පිරිසක් එම ජන වර්ගයට අයත්.

මෙතෙක් කලක් නත්තලට පමණක් සැරසුනු ලංඩනය පසුගිය වසරේ සිට රාමදාන්වලටත් සැරසෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත පිරිස මිලියන 1.9 ක්.

මෑත වසර කිහිපයක සිට මේ දක්වා ඉංග්‍රීසි ඕඩය හරහා කුඩා බෝට්ටුවලින් සරණාගතභාවය අපේක්ෂාවෙන් නීති විරෝධී ලෙස රටට ඇතුල්වන පිරිස (Asylum Seekers) ඉහළයමින් තිබෙනවා. ඉන් වැඩි පිරිස පැමිණෙන්නේද බටහිර රටවලට එරෙහිව ඉස්ලාම් අන්තවාදය හෝ ත්‍රස්තවාදය ක්‍රියාත්මක ඇෆ්ගනිස්තානය, ඉරානය, ඉරාකය, සිරියාව වැනි රටවලින්.

ඇතැම් දිනක එසේ පැමිණෙන ගනන 700- 800ක්. වත්මන් නීති විරෝධී සංක්‍රමණ නවතන බව කම්කරු පක්ෂ ආණ්ඩුවේ ප්‍රමුඛ ප්‍රතිඥාවක් වුවද ඔවුන් බලයට පත්වූවායින් පසුව ගතවූ මාසයක පමණ කාලය තුළත් 5000 කට වැඩි පිරිසක් ඇවිත්. මේ වසරේ මේ දක්වා කුඩා බෝට්ටුවලින් පැමිණි ගණන 19,000 කට ආසන්නයි.

පසුගිය කොන්සර්වේටිව් ආණ්ඩුව එම සංක්‍රමණික ප්‍රශ්නය විසඳීම සඳහා ගෙන ආ රුවන්ඩා සැලසුමද අතරමග නැවතුනා.

නීති විරෝධී ලෙස පැමිණි 60,000 කට වැඩි පිරිසක් තවමත් රඳවා සිටින්නේ හෝටල්වලයි. ඒ සඳහා රජය දිනකට පවුම් මිලියන 7 ක පමණ මහජන මුදල් වැය කරනවා. මෙහි 16000 ක් වන වැඩිම පංගුව ඇල්බේනියානුවන්. මොවුන් බොහෝ දෙනා ආර්ථික කරුණු මත රටට ඇතුල් වූවන් ලෙසයි සැලකෙන්නේ.

එලෙස පැමිණ සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඝාතන ඇතුළු අපරාධවලද නිරතව සිටිනවා. පොලීසිය සහ වෙනත් රජයේ නිළධාරීන්ට පහරදීම් කරනවා. මත්ද්‍රව්‍ය භාවිත කරනවා. ඒත් මේ දේවල් ප්‍රධාන මාධ්‍යයෙන් වාර්තා කෙරෙන්නේ ඉතා අල්ප වශයෙන්.

මීට අමතරව බ්‍රිතාන්‍යය රජය නීත්‍යානුකූලව යුක්‍රේන ජාතිකයන් 1,75000 කට මේ වන විට සරණාගතභාවය ලබා දී තිබෙනවා. සිරියාවෙන් එලෙස ගෙන්වා රැක බලා ගන්නා පිරිස 40,000 ක්. තලේබාන් පාලනයත් සමග ඇෆ්ගනිස්තානයෙන් 20,000 ක් පමණ රැගෙනවිත් තිබෙනවා. ඔවුන්ගේ පවුල්වල අනෙක් සාමාජිකයන් ගෙන්වා ගැනීමද මේ සතියේ ඇරඹුනා. ඉරානයේ 8000 කට රැකවරණය ලබා දෙනවා.

නීත්‍යානුකූලව ගෙන්වාගත් මෙන්ම නීති විරෝධී ලෙස පැමිණි සියලු දෙනා වෙනුවෙන් ඉඳුම් හිටුම්, ආහාර පානාදිය ලබාදීම රජයේ වගකීමක්. සාමාන්‍යයෙන් වසරකට නීති විරෝධී සංක්‍රමණිකයන් වෙනුවෙන් රජය පවුම් බිලියන 4 ක පමණ මහජන බදු මුදලක් වැය කරනවා. සංක්‍රමණිකයන් පිළිගැනීම සම්බන්ධ UNO ප්‍රඥ්ඥප්තීන්ට එකඟ වීම මත අදාළ රට එම වියදම් දැරිය යුතුයි.

2016 දී එක්සත් රාජධාණිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට (Brexit) පෙර නිදහසේ බ්‍රිතාන්‍යයට ඇතුල්වීමට ලද අවස්ථාවත් සමග එම රටවලින්ද මිලියන 4 ක පමණ පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් අතර ආසියානුවන්ද සැලකිය යුතු පිරිසක් සිටිනවා. උදාහරණයකට ඉතාලියේ සිටි ශ්‍රී ලාංකිකයන්, ඉන්දියානුවන්, පාකිස්ථානුවන් විශාල පිරිසකගේ පැමිණීම දක්වන්න පුළුවන්.

මීට අමතරව ස්ටුඩන්ට් වීසා, වර්ක් වීසා ආදී මාර්ග ඔස්සේ බ්‍රිතාන්‍යයට මෑත වසරවල පැමිණි පිරිස් හේතුවෙන්ද රටට යම් බරක් ඇතිව තිබෙනවා.

ස්වදේශිකයන්ට නිවාස නොමැතිකම (Homeless) මෙන්ම දැඩි ආර්ථික අර්බුදයකටද මුහුණ දී සිටියදී එවැනි සංක්‍රමණිකයන්ට පහසුකම් සැලසීම පිළිබඳවද ඇතැම් පිරිස් යම් විරෝධාකල්පයක සිටි බව දක්නට ලැබුණා. වෛද්‍ය පරීක්ෂණ සඳහා දින නොව මාස, අවුරුදු ගනන් රැඳී සිටීමට සිදුව තිබෙනවා. එසේ දිගුව ඇති පෝලිම මේ වන විට මිලියන 8 ක්.

සංක්‍රමණ විරෝධය සහ නයිජල් ෆරාජ්

පසුගිය මාසයේ පැවති මහමැතිවරණයේදී මෑතකාලීන සංක්‍රමණවලට එරෙහි ජනමතයද ප්‍රකාශ වුනා. ඒ අනුවයි සංක්‍රමණ විරෝධි සහ ජාතිවාදී අන්ත දක්ෂිණාංශිකයන්ට (Reform UK Party) ඡන්ද ලක්ෂ 40 කට වඩා හිමිවුනේ. එහි නායක නයිජල් ෆරාජ් ඇතුළු 5 දෙනෙකු පාර්ලිමේන්තුවටද තේරී පත්වුනා.

නයිජල් ෆරාජ් යනු උග්‍ර සංක්‍රමණ විරෝධියෙකු වන ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍යයේ ළඟම දේශපාලන හිතවතායි. වත්මන් ගැටුම්වලට අමෙරිකානු සබඳතාවක් ඇත්දැයි නොදන්නා නමුදු ඒ පිළිබඳ විවිධ අදහස්ද පළවී තිබුණා.

එමෙන්ම මෙහි ගැටුම් ඇතිවීමට පෙර ට්‍රම්ප්ගේ මෙවර උප ජනාධිපති අපේක්ෂක ඩී.ජේ. වෑන්ස් කියා තිබුණේ කම්කරු පක්ෂ ජයග්‍රහණයත් සමග න්‍යෂ්ටික අවියක් ක්‍රියාත්මක වන පළමු සැබෑ ඉස්ලාමීය රට ඉරානය හෝ පාකිස්ථානය නොව එක්සත් රාජධණිය විය හැකි බවයි. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සංක්‍රමණ සහ සුළු ජාතිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්ති සහ අන්ත දක්ෂිණාංශිකයන් සමග ඇති සබඳතාව මත ඔහු එසේ කියන්නට ඇතැයි සිතිය හැකියි.

දැරියන් තිදෙනෙකුගේ ඝාතනය

වත්මන් ප්‍රචණ්ඩකාරි තත්ත්වය (Riots) උද්ගතවීමේ ආසන්නතම සිදුවීම නම් පසුගිය ජුලි 29 වනදා සවුත්පෝට්හි නිවසක නර්තන පුහුණුවීමක නිරතව සිටි කුඩා ළමුන් පිරිසකට 17 හැවිරිදි තරුණයෙකු ප්‍රහාරයක් එල්ල කිරීමයි. එහිදී පිහි ඇනුම්වලින් (Knife Attacks) දරුවන් තිදෙනෙකු මිය ගිය අතර තවත් අටදෙනෙකු තුවාල ලැබුවා. අනතුරුව ඊට විරෝධය පළකරමින් මුස්ලිම් පල්ලියකට (Mosk) පහරදීමෙන් ඇරඹි විරෝධතා රටපුරා පැතිර ගියා.

මෙහිදී ප්‍රශ්නය උග්‍ර කළ ප්‍රධානම හේතුව වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ දුෂ්තොරතුරු ප්‍රචාරය වීමයි. ප්‍රහාරය එල්ල කළ තරුණයා මුස්ලිම් සංක්‍රමණිකයෙකු බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුනා.

මුස්ලිම් හා සංක්‍රමණ විරෝධී අදහස් ඇතුලත්ව ප්‍රහාර දිරිමත් කරමින් X හි (කලින් twitter) පළකර තිබූ වීඩියෝව මිලියන 15 ක් පමණ නරඹා තිබුණා.

කෙසේ වෙතත් අපරාධය කළ තරුණයා රුවන්ඩා සිට බ්‍රිතාන්‍යයට පැමිණි දෙමාපියන්ට දාව වේල්සයේදී උපත ලැබූවෙක්. එමෙන්ම ඔහුට ඉස්ලාමීය පසුබිමක්ද නොවන බව පසුව තහවුරු කෙරුණා.

“අන්ත දක්ෂිණාංශිකයන්ගේ තගක්”

කාලාන්තරයක් තිස්සේ පැවති නොවිසඳුනු ප්‍රශ්නද සමග අන්ත දක්ෂිණාංශිකයන්ගේ වැඩි සහභාගීත්වය ඇතිව පසුගිය සති දෙකක කාලය තුළ රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුනා. සංක්‍රමණිකයන් රඳවා සිට්න මධ්‍යස්ථාන හා හෝටල්, සංක්‍රමණික නීතිඥ කාර්යාල, මුස්ලිම්වරුන්ට අයත් ව්‍යාපාරික ආයතන, මුස්ලිම් පල්ලි ආදිය ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක වුණා.

කෙසේ වෙනත් අන්තවාදීන්ට එරෙහිව මීට පෙර කඩිනමින් ක්‍රියාමාර්ග නොගත් ආණ්ඩුවත් පොලීසියත් අන්ත දක්ෂිණාංශිකයන් ඇතුළු කැරළිකරුවන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

අග්‍රාමාත්‍ය කීර් ස්ටැමර් විරෝධතා හැඳින්වූයේ “අන්ත දක්ෂිණාංශිකයන්ගේ තගක්” ලෙසයි. (Far-Right thuggery)
ශ්‍රී ලංකාවේ 1983 කළු ජුලිය සිහිගන්වන ආකාරයේ අපරාධ රැල්ලක් සහ එය ජාතිවාදී ස්වරූපයක්ද දක්නට ලැබුණා. ඉලොන් මස්ක් පවා කියා තිබුණේ බ්‍රිතාන්‍ය සිවිල් යුධ තත්වයකට යාම වළක්වාගත නොහැකි බවයි. (Civil war is inevitable)

සංක්‍රමණිකයන්ගේ චණ්ඩිකම් හා ගුටිකන පොලීසිය

වත්මන් කම්කරු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු බරපතල සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ලීඩ්ස්හිදී පොලීසිය බාලවයස්කරුවෙකු සිය භාරයට ගැනීමේදී ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉන් එක් අවස්ථාවක්. රුමේනියන් සහ බංග්ලාදේශ ජාතිකයන් එම ප්‍රචණ්ඩත්වය මුදාහළ බව ප්‍රකාශ කෙරුනා.

අනතුරුව මැන්චෙස්ටර් ගුවන් තොටුපොළේදී පොලිස් නිළධාරියෙකු තරුණයෙකුගේ හිසට පාපහර දෙකක් එල්ල කිරීමේ සිදුවීම දැඩි ආන්දෝලනයක් ඇති කළා. එහෙත් සමාජ මාධ්‍යයට පසුව නිකුත් කර තිබූ සම්පූර්ණ වීඩියෝ පටය අනුව අදාළ තරුණයා ඒ වන විට පොලීසියේ නිළධාරිනියන් දෙදෙනෙකුටම බිම වැටෙන්නම පහරදී තිබුණා. අවසානයේ ප්‍රහාරයට ලක්වන නිළධාරියා ඔහු පාලනය කරගත් අවස්ථාවේදියි කකුලෙන් පහර දෙන්නේ. එම සිද්ධියටද සම්බන්ධව තිබුණේ මුස්ලිම් පවුලක්.

මේ ආකාරයට ඇතැම් සංක්‍රමණික ජාතීන්ගේ ක්‍රියා පිළිකෙව් කරන පසුබිමක් කාලාන්තරයක් තිස්සේ රටේ නිර්මාණය වී තිබෙනවා. ලංඩනය හා ප්‍රධාන නගර පුරා සිදුවන පිහි ඇනුම් (Knife Crimes) ඉන් ප්‍රධානයි. එය වසංගතයක් තරමට බරපතල පශ්නයක්.

පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සූදානම් වන බොහෝ අවස්ථාවල පොලීස් නිළධාරීන් පහරකෑමට ලක්වන ආකාරය සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටවල පවා දක්නට ලැබෙනවා.

විවිධ මත්ද්‍රව්‍ය ටොන් ගණනින් රට ඇතුලට ගෙන ඒමත් වෙනත් ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන අතරතුරම මත්ද්‍රව්‍ය වෙළෙදාම් කරනු ලබන්නේත් පිටතින් පැමිණි පුද්ගලයින් විසින්. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද විශාල ව්‍යවසනයක්. විනාඩි අටකට වරක් එක් මෝටර් රථයක් සොරකම් කෙරෙන අතර එය 2023 වසරේ 64,000 ක්. පාපැදි සොරකම දිනකදි දහස් ගණනින් සිදුවන්නක්. මේ සිදුවීම්වලට ස්වදේශික සුදු ජාතිකයන්ගේ සම්බන්ධයක් නොවන තරම්.

මෙවැනි විෂමාචාර හමුවේ පොලීසියට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර ඔවුන්ගේ තවත් ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේද අපරාධ මැඩලීම සඳහා සංචාරක පොලිස් කණ්ඩායම් ඉහළ නංවන බවයි.

කොටින්ම කියතොත් මීට දශකයකට දෙකකට පෙර පැවති බ්‍රිතාන්‍යයේ නිදහස්, සාමකාමී හා ආරක්ෂිත පරිසරය (Decent environment) සමහර ප්‍රදේශවල නැති වෙමින් තිබෙනවා. 2017 වසරේ මැන්චෙස්ටර් අරීනාහි පැවති ප්‍රසංගයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලබන 15 වනදා ලංඩන් වෙම්බ්ලිහිදී පැවැත්වෙන ලොව සුප්‍රසිද්ධ ටේලර් ෂිෆ්ට්ගේ ප්‍රසංගය සම්බන්ධයෙන්ද කතා බහකෙරෙන්නේ එවන් පසුබිමකයි.

ත්‍රස්ත තර්ජනයක් හේතුවෙන් ඕස්ට්‍රියාවේ වියානාහි ලක්ෂ දෙකකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ටේලර් ෂිෆ්ට්ගේ ප්‍රසංගයක් දැනටමටත් අවලංගු කර තිබෙනවා. ඉරාක සංක්‍රමණිකයෙකු සහ ඉස්ලාමීය රාජ්‍ය හිතෛෂී සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි එම තීරණය ගැනුනේ. මෙවැනි තත්ත්වයක් කියාපාන්නේද ස්වදේශිකයන් කාලාන්තරයක් තිස්සේ සිය රටවල බුක්ති විඳි නිදහස් පරිසරය පවා දැන් ඔවුනට අහිමිවෙමින් තිබෙන බවයි.

මේ අතර එක්සත් රාජධාණියේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වන අල්-මුහාජිරූන් නායකයා වන Anjem Choudary ට පසුගියදා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුනා. ඔහු ඇමෙරිකාව, කැනඩාව සහ බ්‍රිතාන්‍යයේ දේශන පවත්වමින් අනුගාමිකයන් බඳවා ගනිමින් සිටින බව CIA ඇතුළු ඔත්තු සේවා තහවුරු කරගෙන තිබුණා.

පසුගියදා පකිස්ථානයේ සිට පැමිණි Ibtisam Elahi Zaheer නමැති සුප්‍රකට අන්තවාදී දේශකයකු බ්‍රිතාන්‍යයේ පල්ලිවලට ගෙන්වා දේශන පැවැත්වීම සම්බන්ධයෙන්ද මේවන විටත් පරීක්ෂණ පවත්වමින් තිබෙනවා.

ඊශ්‍රායල් – පලස්තීන ගැටුමෙන් ගිනි ගන්නා බටහිර

ඊශ්‍රායල් – හමාස් ගැටුම බ්‍රිතාන්‍ය වැනි බටහිර රටවල සිටින මුස්ලිම් ජනතාවගේ ප්‍රකෝපයට සහ අසහනකාරී ස්වභාවයට හේතුවක් බව නොඅනුමානයි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස ඊශ්‍රායල් – හමාස් ගැටුම් ඇරඹූ දින සිටම සෑම සෙනසුරාදා දිනකම ලංඩනයේ පලස්තීනයට සහාය පළකරමින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් මේ දක්වාත් විරෝධතා පැවැත්වෙනවා.

ඒවා නතර කිරීමට පියවර ගන්නා ලෙස පොලීසියෙන් ඉල්ලීම් කළ පසුගිය කොන්සර්වේටිව් ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමතිනී Suella Braverman ට සිදුවූයේ තනතුර හැර යාමටයි. එහෙත් රටේ වාණිජ මෙන්ම ප්‍රධාන සංචාරක ආකර්ෂණීය නගරයක් වන ලංඩන්හි අඛණ්ඩව ප්‍රකෝපකාරී ලෙස පැවැත්වෙන විරෝධතා කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ පැහැදීමක් නොමැති බව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අදහස්වලින් පැහැදිලි වන කරුණක්.

විරෝධතාකරුවන් ඍජුව ත්‍රස්තවාදයට සහාය පළ කරන බවද ඒවායේ කියවෙනවා. හමාස් සංවිධානයට සහාය පළකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ඇතැම් අන්තවාදී පිරිස් අධිකරණය හමුවටද පමුණුවමින් තිබෙනවා.

දැනට පැවැත්වෙන සියලු විරෝධතාවල මෙන්ම අදටත් බොහෝ නිවෙස්වලත් පලස්තීන ධජය ධජය ප්‍රදර්ශනය කෙරෙනවා. “රටක් ඇතුලේ තවත් රටක්” දැකීමට අකමැති පිරිස් මෙන්ම එවැනි කරුණු සම්බන්ධයෙන් සංවේදී මෙරට ජාතිවාදී කණ්ඩායම් වැඩි වශයෙන් උරණව සිටින බවට සැක නැහැ.

ඊශ්‍රායල් – පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් කම්කරු පක්ෂය ධනාත්මක ප්‍රතිචාරයක් නොදැක්වීම මත ඔවුන්ට මෙවර මුස්ලිම් ඡන්ද අහිමි වුණ. ස්වාධීනව තරග වැදුනු මුස්ලිම්වරුන් පස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ආසන 5 ක් දිනා ගැනීමට සමත්වීම මෙකී බෙදීම් සනිටුහන් කළ අවස්ථාවක්. පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ඇතැම් තීරණාත්මක ඡන්ද විමසීම්වලදී පවා පක්ෂයේ පොදු එකඟතාවයෙන් බැහැර කටයුතු කරන අයුරුද දක්නට පුළුවන්.

ආගමික උන්මාදය

බහුතරයක් සුදු ජාතිකයන් ආගමෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් තිබියදී සුළු ජාතීන් එහි ප්‍රතිපාර්ශවය නියෝජනය කරනවා. කිතුනු හා කතෝලික පල්ලි වැසී යන වටපිටාවක වෙනත් ආගම්වල ඉදිකිරීම් දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

2021 සංගණනයට අනුව එංගලන්තයේ සහ වේල්සයේ 10 දෙනෙකුගෙන් 4 දෙනෙකු මේ වන විට කිසිදු ආගමක් අදහන්නේ නැහැ. 2011 දී වේල්සයේ 59.3% ක් කිතුනුවන් වූ අතර එය 2021 දී 46.2% ක් දක්වා පහත වැටී තිබෙනවා.

සිය ආගම සමග තදාත්මකව, ලෝකයේ වෙනත් ගැටුම්වලටද සංවේදී වෙමින් තමන් දැනට සිටින රට සමග අනන්‍ය නොවීමද ගැටුම් ඉහළ යාමට හේතුවක්.
බොහෝ විදෙස් සංක්‍රම්ණිකයන්ගේ රළු හැසිරීම්, අපිරිසිදුකම, අපිළිවෙල ආදියද මේ ප්‍රශ්න උග්‍ර කරවීමට හේතුවනවා.

බහු සංස්කෘතික පරිසරයේ අවලස්සන සිදුවීම්

එක්සත් රාජධාණියේ සියලු ප්‍රධාන නගර බහු සංස්කෘතික පරිසරයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. උදාහරණයකට ලංඩන්හි බස් රථයක යාමේදී ඉන්දියානුවන්ගේ හෝ අප්‍රිකානුවන්ගේ ඝෝෂාව අහන්න පුළුවන්. නොඑසේ නම් රියදුරු සමග ගැටුමක් දකින්න පුළුවන්.

ඉන්දියාව ක්‍රිකට් කුසලානයක් දිනූ දවසට ලංඩනයේ ඉන්දියානුවන් හැසිරෙන්නේ වානරයන් මෙනි. පොදු දේපළ ගැන හෝ අනෙකුන්ට සිදුවන හිරිහැර ගැන ඔවුන්ට කිසිඳු හැඟීමක් නොමැති ගානයි. නිදහස් අවකාශයක හා පරිසරයක වැදගත් ලෙස හැසිරෙන්න ඔවුන් දන්නේ නැහැ.

බ්‍රිතාන්‍යය අනන්‍යතාවන්ට ගරු කරන්න

මෙවැනි වටපිටාවක් තුළ ජාතිවාදි හෝ අන්ත දක්ෂිණාංශික කැරළිකරුවන්ගේ පමණක් නොව බහුතරයක් ස්වදේශිකයන් අවධාරණය කරුණක් වන්නේ සියලු දෙනා තම රටේ අනන්‍යතාවන්ට හා වටිනාකම්වලට සියලු දෙනා ගෞරව කිරීම හෝ අවනත වීම සිදුවිය යුතු බවයි.

ඇතැම් ජනකොටස් ඒවා කිසිත් මායිම් නොකර ක්‍රියාකිරීමද සංක්‍රමණ විරෝධයක් ඇති වීමට ප්‍රධාන හේතුවක්. ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වලින් කියා ඇත්තේ ඇතැම් විට තමන්ටද පිටතින් පැමිණි අයගේ ආගමික හෝ වෙනත් සම්ප්‍රදායන්ට අනුගත වන තරමට ඉදිරියේදී බලපෑම් එල්ල විය හැකි බවයි. පාසල් සිසුන්ට LGBT අධ්‍යාපනය ලබානොදෙන ලෙස මීට ටික කලෙකට පෙර පැවැත්වූ විරෝධතා මීට එක් උදාහරණයක්.

ජාතීන් හා ආගම් පදනම් කරගත් විවිධ අනන්‍යතා පැවතියද රටක් ලෙස එක්සත්ව සිටිය යුතු වුවද ඇතැම් කණ්ඩායම් සාමාන්‍ය පරිදි ඒකබද්ධතාවක්
(Integration) ඇති නොවීම බරපතල ප්‍රශ්නයක් ලෙසයි පවතින්නේ.

ඇවිලෙන ගින්නට පිදුරු

පසුගිය දින කිහිපයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹීමට සහ උග්‍රවීමට ප්‍රධානම හේතුවක් වූයේ දුෂ්තොරතුරු (Misinformation) ප්‍රචාරණය වීමයි. Facebook, TiK Tok, Whatsapp, Telegram ආදිය ඔස්සේ සංක්‍රමණ විරෝධී ව්‍යාජ තොරතුරු පැතිර යාමත් සමග බොහෝ දෙනා සංවිධානගත වීම සිදුව තිබුණා.

YouGov නමැති ආයතනය කර තිබූ සමීක්ෂණයේදී 86% ක්ම කියා තිබුණේ මාධ්‍ය ගැටුම් අවුලවාලීමේ ගාමක බලවේගය වූ බවයි.

ව්‍යාජ ප්‍රවෘත්ති සහ කුමන්ත්‍රණ න්‍යාය
(Fake news and conspiracy theories)
මගින් පහරදීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පුද්ගලයන් කැඳවා ගැනීම සිදුවී තිබුණා. වෛරීසහගත ප්‍රකාශ සහ දුෂ්තොරතුරු (Hate speech & misinformation) මගින් පෙළඹවීම් ඇතිකළා.

කෙසේ වෙතත් ප්‍රධාන පිළිගත් මාධ්‍ය ඉතා පරිස්සම්සහගතව සිද්ධි වාර්තාකරණයේ නිරතවන අයුරු දක්නට ලැබුණු දෙයක්. මේ වන විට එම මාධ්‍ය වැඩි වශයෙන් අන්තවාදයට එරෙහි විරෝධතා (Anti – racism) රැළි වාර්තාකරමින් සිටීම මීට කදිම උදාහරණයක්. සංක්‍රමණිකයන් පිළිගන්නා ලෙසත් (Refugees welcome) ඉස්ලාම්ෆෝභියාව (Islamphobia) ප්‍රතික්ෂේප කරන බවත් කියා සිටින රැළි වැඩි වශයෙන් වාර්තා කරන බවද පේනවා.

ගැටුම් අවුලවන මාධ්‍යයක් වෙනුවට ගැටුම් වැළැක්වීම අරමුණ බැවින් ප්‍රධන මාධ්‍යය ඔස්සේ බොහෝ සිදුවීම් සාමාන්‍ය ජනතාවට දැන ගන්න ලැබෙන්නේ නැහැ. ජනවර්ග සම්බන්ධ සිද්ධි ඉතා පරිස්සමින් වාර්තාකරන බවයි පේන්න තිබෙන්නේ.

වත්මන් ප්‍රචණ්ඩ කියා ගැන ජනමතය

YouGov සමීක්ෂණ ආයතනය කළ සමීක්ෂණයට අනුව සියයට 85% ක්ම මෑතකාලීන ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත නොකළද බ්‍රිතාන්‍යයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු මෙම සතියේ සංක්‍රමණ විරෝධී විරෝධතාවලට සහය දක්වනවා. එහෙත් කැරළිවලට සම්බන්ධ වූවන් ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු බව කියන අතර මුස්ලිම්වරුන් අවම වශයෙන් වගකිව යුතු බව බ්‍රිතාන්‍යයන්ගෙන් හතරෙන් පංගුවකගේ (25%) අදහසයි.

කෙසේවෙතත් රජය ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා කැරළිකරුවන්740 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. මේවන විටත් ඉන් 30 කට දඬුවම් පමුණුවා තිබෙනවා. රජයේ දැඩි හා කඩිනම් ක්‍රියාමාර්ග සමග තත්ත්වය යම් මට්ටමකට සමහන් වී තිබෙනවා.

කාලාන්තරයක් තිස්සේ පවතින ප්‍රශ්නවලට නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා ගැටුම් නිර්මාණය වූ බව අවිවාදිතයි.
“අපේ රටට නැවත අපට දෙන්න” යැයි සටන් පාඨයක් පවා නිර්මාණය වී තිබීමම එහි බරපතලකම කියාපායි.
ඇතැම් දේ දරා සිටීමට නොහැකි වූවන් ප්‍රචණ්ඩ වුවද බහුතරයකගේ කැමැත්ත වර්ගවාදී නොවන සාමකාමී රටක් දැකීමටයි.

මහින්ද රුබසිංහ

featured world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරාජ්‍ය සේවකයින්ට කල්ල මරේ
Next Article මැණික් ගෙදර යයි – වසන්ත මිය ගිය බව මැණික් දන්නේ නෑ
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20260 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202600 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.