Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

June 22, 2026

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
  • ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන
  • කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්
  • මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට
  • ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනය වීම ගැන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයෙන් පැහැදිලි කිරීමක්
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලංකාවේ පාසල්වල ව්‍යවසායකත්වය පෝෂණය කිරීම වෙනුවෙන් Schoolpreneur 2023 ක්‍රියාවට නංවයි
Financial 51 Views

ශ්‍රී ලංකාවේ පාසල්වල ව්‍යවසායකත්වය පෝෂණය කිරීම වෙනුවෙන් Schoolpreneur 2023 ක්‍රියාවට නංවයි

Buzzer EditorBy Buzzer EditorNovember 16, 2023No Comments3 Mins Read51 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව ඇති නැඹුරුතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලය (ILO) සමඟ එක්ව ‘Schoolpreneur 2023’ නමින් පාසල් ව්‍යවසායකත්ව දින වැඩසටහනක් එළඹෙන නොවැම්බර් 16 වෙනිදා දියත් කිරීමට නියමිතය. මෙය දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර අනුරාධපුරය, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුරය, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන්හි දී අදාළ පළාත් උත්සව සංවිධානය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳව දැනුවත්භාවය පුළුල් කිරීමේ පරමාර්ථයෙන් වාර්ෂික පාසල් දින දර්ශනයට පාසල් ව්‍යවසායකත්ව දිනය ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ එකඟතාවය පළ කර ඇත. මෙම ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ තිරසාර සහ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා දරුවන් තුළ ව්‍යවසායකත්වය පිළිබඳව කුසලතාවන් වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

ව්‍යවසායකත්වය යනු රටක සමාජ සහ ආර්ථික යහපැවැත්ම කෙරෙහි තුඩු දෙන මූලික සාධකයකි.එමඟින් නවෝත්පාදනයට, රැකියා උත්පාදනයට සහ ආර්ථික වර්ධනයට අවස්ථාවන් නිර්මාණය කරයි. නව අදහස්, නිෂ්පාදන සහ සේවා හඳුන්වා දීම හරහා තරඟකාරිත්වය ඇති කරමින් ව්‍යවසායකයින් රටේ සමස්ත ජීවන තත්ත්වය ඉහළ නංවයි.එමෙන්ම කර්මාන්ත විවිධාංගීකරණය උදෙසා ව්‍යවසායකත්වය තුළින් විශාල දායකත්වයක් හිමි වන අතර රටේ ආර්ථිකය තනි ආර්ථික අංශයක් මත යැපීම අවම කරයි. තවද, ව්‍යවසායකත්වය මඟින් තම මූල්‍ය තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා සවිබල ලබාදෙන අතරම , පුද්ගලයන් තුළ ආත්ම විශ්වාසය හා ස්වාධීනත්වය පෝෂණය කරයි. Schoolpreneur 2023 හි අපේක්ෂාව වන්නේ, මෙම අත්‍යවශ්‍ය කුසලතාවන් දරුවන් වෙත කඩිනමින් ලබා දෙමින් තාරුණ්‍යය අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීමය.

මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා මෙසේ සඳහන් කළේය. “වර්තමානය වන විට ව්‍යවසායකත්වය අපේ රටට ඉතාම වැදගත් අංශයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්, දිවයින පුරාම ව්‍යවසායකත්ව සමාජ පිහිටුවීම ඇතුළුව අධ්‍යාපන ආයතන තුළ ව්‍යවසායකත්වය පෝෂණය කිරීමේ සැලකිය යුතු දියුණුවක් අපට දකින්න ලැබෙනවා.එය සක්‍රීය කිරීම සඳහා ලබාදෙන දායකත්වය වෙනුවෙන් මම ලංකා වාණිජ මණ්ඩලයට, ජාත්‍යන්තර කම්කරු සංවිධානයට හා සහයෝගීතාව ලබාදෙන අනෙකුත් ආයතනයන් වෙත මගේ ප්‍රණාමය පුද කරනවා. “

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලයේ අධ්‍යක්ෂක සිම්රින් සිං මහත්මිය ඇගේ අදහස් මෙසේ ප්‍රකාශ කළාය. “ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙම පුරෝගාමී පියවර තුළින් රට තුළ තරුණ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දීමට අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් සම්ප්‍රදායික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් යටතේ ඉලක්කගත නොවන පාසල් සිසුන් අතරට ද මේ හරහා ව්‍යවසායකත්වය පිළිබඳව දැනුම රැගෙන යාමට අපට හැකියාව ලැබෙනවා. රටක ආර්ථික වර්ධනය සහ ප්‍රගතිය මෙහෙයවීම සඳහා ව්‍යවසායකත්වය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දැනටමත් ද්විතීයික පාසල් මට්ටමින් මෙම කුසලතාව පෝෂණය කිරීම සඳහා කටයුතු කර ඇති අතර එමඟින් තාරුණ්‍යය සිය අනාගත වෘත්තීය ජීවිතය යහපත් කර ගනිමින් ඔවුන්ගේ පවුල්වල මෙන්ම ප්‍රජාවගේ සහ රටේ යහපැවැත්මට දායක වනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී බුවනෙකබාහු පෙරේරා මහතා මෙසේ පැවසුවේය. “මේ මොහොතේදී ශ්‍රී ලාංකික අපගේ මූලික අරමුණ වන්නේ ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, නවෝත්පාදනයන් වර්ධනය කළ යුතු අතර ඒ වෙනුවෙන් රටේ තරුණ තරුණියන් තුළ ව්‍යවසායකත්වය සහ නායකත්ව හැකියාවන් පෝෂණය කිරීම අත්‍යවශ්‍යයි. මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය දක්වන රට පුරා සිටින අපගේ සියලුම හවුල්කරුවන්ට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. “

Schoolpreneur 2023 යනු මෙරට ව්‍යවසායකත්ව පරිසරය තුළ යම් ධනාත්මක වෙනසක් ඇති කරමින් තරුණ ප්‍රජාව ව්‍යවසායකත්වය ලෝකය වෙත ප්‍රවේශ වීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් මෙහෙයවන දකුණු ආසියානු ව්‍යවසායකත්ව නායකත්ව (SALE) ව්‍යාපෘතියේ ප්‍රමුඛ මුලපිරීමකි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අරමුදල් සපයනු ලබන මෙම ව්‍යාපෘතිය වැනි උපායමාර්ගික ක්‍රියා මාර්ග හරහා රටේ තාරුණ්‍යයට ඔවුන්ගේම ව්‍යාපාර දියත් කිරීමට සහ වර්ධනය කිරීමට හැකි වන යහපත් ව්‍යවසායකත්ව පරිසරයක් ඇති කිරීමට අවස්ථාව උදාවනු ඇත.

ලියාපදිංචි වීම සඳහා පිවිසෙන්න https://gocurveup.com/schoolpreneur23/

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅරවින්ද ද සිල්වා Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලබයි
Next Article සිරියානු ජනපති බෂාර් අල් අසාද් අත්අඩංගුවට ගන්න වරෙන්තු
Buzzer Editor
  • Facebook

Related Posts

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

June 22, 2026

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

June 22, 2026

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026

කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්

June 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News June 22, 20261 Views

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

By Buzzer EditorialJune 22, 202601 Views

අමෙරිකාව සහ ඉරානය අතර ඊයේ ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු පළමු වටයේ සාම සාකච්ඡා සාධනීය ලෙස සාර්ථක…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026

කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්

June 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
  • ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන
  • කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්
  • මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට
  • ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනය වීම ගැන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයෙන් පැහැදිලි කිරීමක්
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.