තුර්කියට සහ සිරියාවට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ගොස් තිබෙනවා. කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
දිවි ගලවා ගත් අය ආහාර සහ නවාතැන් සඳහා පොරබදමින් සිටින අතර ඔවුන්ගේ ඥාතීන් බේරා ගැනීම සඳහාද දැඩි වෙහෙසක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.