Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » එංගලන්ත ලයන්ස් පිතිකරුවන්ගෙන් එක්දින ඉනිමක්
Sports 5 Views

එංගලන්ත ලයන්ස් පිතිකරුවන්ගෙන් එක්දින ඉනිමක්

Buzzer EditorBy Buzzer EditorFebruary 9, 2023No Comments3 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සාමාන්‍යයෙන් එක්දින තරගයකටත් වඩා වේගවත් පිතිහරඹයක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ප්‍රබල පිළිතුරක් ලබාදීමට සංචාරක එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (08 වැනිදා) සමත් වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 332ට පිළිතුරු ලෙස එංගලන්ත ලයන්ස් කඩුලු 3ක් දැවී ලකුණු 234ක් රැස් කිරීමට සමත්ව සිටි අතර ඒ සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දුවාර 35ක් පමණි.

පන්දුවාරයකට 6.68ක ලකුණු වේගයක් රඳවා ගෙන ඊයේ දිනයේ පන්දුවට පහර දී තිබූ එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ දිනය නිමාවන විට ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 98ක් පිටුපසින් සිටි අතර තවත් කඩුලු හතක් අතැතිව සිටියහ. එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් දියත් කරන ලද වේගවත් පිතිහරඹයේ වැඩි කොටසක බර ඉසිලු අංක 05 පිතිකරු ජේමී ස්මිත් පන්දු 56කදී නොදැවී ලකුණු 86ක් ලබා ගත් අතර එම ඉනිම සඳහා හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වී තිබුණි.

ජෙමී ස්මිත්ගේ පිතිහරඹය කෙතරම් වේගවත් වීද යත් තරගය නිම වීමට පෙර ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාර දෙක තුළදී ද එංගලන්ත කණ්ඩායමට ලකුණු 38ක් ලැබී තිබුණි. එහිදී ලක්ෂිත මානසිංහ ක්‍රියාත්මක කරන ලද 34 වන පන්දු වාරයේ දී ලකුණු 19ක් ද චාමික කරුණාරත්න ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී තවත් ලකුණු 19ක් ද එංගලන්ත ලයන්ස් ඉනිමට එක් වූයේය. එහිදී මානසිංහගේ පන්දුවාරයට හතරේ පහර තුනක් සහ එක් හයේ පහරක් එල්ල කළ ස්මිත් චාමික කරුණාරත්නගේ පන්දු වාරයට හයේ පහර දෙකක් සහ එක් හතරේ පහරක් එල්ල කිරීමට සමත් වී තිබුණි.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු වාර පහක් පමණක් ක්‍රියාත්මක කළ ලක්ශිත මානසිංහ හමුවේ එංගලන්ත පිතිකරුවෝ ලකුණු 54 ක් ලබා සිටියහ. එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් දිනය අවසන් වනතෙක්ම සිය අන්තය ආරක්ෂා කර ගනිමින් නොදැවී ලකුණු 75 ක් රැස්කරගෙන සිටියේය. පන්දු 82ක් පුරා ක්‍රියාත්මක වූ ලීස් ගේ ඉනිමට එකතු වූ හතරේ පහර සංඛ්‍යාව 8කි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක හසීබ් හමීඩ් තමා ක්‍රියාත්මක කරන ලද තරගයේ දෙවන පන්දුවේදී ලබාගැනීමට චාමික කරුණාරත්න සමත් වූයේය. අනතුරුව ක්‍රියාත්මක වූ විශ්ව ප්‍රනාන්දු ටොම් ඇබල්ගේ කඩුල්ල ද ලකුණු හතරකට දවාගත් අතර සංචාරකයින්ගේ ලකුණු පුවරුව ඒ අනුව කඩුලු දෙකක් දැවී ලකුණු 17ක් ලෙස දිස් වුණි.

අනතුරුව පිටියේ එක් වූ ජෝස් බෝනමන් ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් සමග එංගලන්ත ලකුණු පුවරුව ඉදිරියට කැඳවා ගෙන ගිය අතර බෝනමන් ලකුණු 54කට දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූයෙන් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ලකුණු 105 කට සීමා විය. පෙරේදා දිනයේ දී තරගය නතර කරන විට කඩුලු තුනක් දැවී ලකුණු 190ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වරෙක කඩුලු 3ක් දැවී ලකුණු 211ක් දක්වා ලකුණු පුවරුව ඉහළට ගෙන පැමිණි අතර ඉන් අනතුරුව තවත් ලකුණු 121ක් ඉනිමට එකතු වෙද්දී ඉතිරි පිතිකරුවෝ 7 දෙනා දෙනා දැවී ගියහ.

ඒ අතරින් ශතකලාභී ලසිත් කෲස්පුල්ලේ ලකුණු 128 කට දැවී ගිය අතර නායක නිපුන් ධනංජය ලකුණු 61ක් ලබා ගත්තේය. අවසන් පිතිකරුවන් ලෙසින් ලක්ෂිත මානසිංහ ලකුණු 43ක් සහ ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 42ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට දායක වූහ. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleතුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවේ
Next Article සියලුම මැතිවරණ කොමසාරිස්වරුන්ට කැඳවීමක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.