Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 4
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » දෙවන තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා ‘ඒ’ පිළට
Sports 5 Views

දෙවන තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා ‘ඒ’ පිළට

Buzzer EditorBy Buzzer EditorFebruary 8, 2023No Comments2 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිය දෙවැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඊයේ (07 වැනිදා) සමත් විය. එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ලසිත් කෲස්පුල්ලේ එම ශතකය ශ්‍රී ලංකා ‘ඒ’ වෙනුවෙන් වාර්තා කළේය.

තරගයේ ඊයේ පැවැත්වීමට නියමිත පන්දුවාර සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වර්ෂාවෙන් අපතේ ගිය අතර ඒ අනුව ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 3ක් දැවී ලකුණු 190ක් රැස්කරගෙන සිටියේය. ශතක ලාභී ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ ඒ වන විට නොදැවී ලකුණු 122ක් ලබා සිටි අතර නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.

ලසිත් කෲස්පුල්ලේගේ එංගලන්ත ලයන්ස් පිලට එරෙහි ශතකය පන්දු 90කදී වාර්තා වූ අතර ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. ජොස් ටංග්ගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් ලසිත් ශතකයක් රැස් කළ අතර ඉන් අනතුරුව ඔහු සිය ආක්‍රමණශීලී පිතිහරඹය අවසන් කළේ නැත. ශතකය ලබා ගැනීමට සමත් වූ ඔහු, මුහුණ දුන් පන්දු 19කදී තවත් හතරේ පහර 3ක් සමඟින් තවත් ලකුණු 21ක් රැස් කළේය.

එංගලන්ත ලයන්ස් සමග පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ සිවුවැනි ඉනිමේදී වේගවත් ශතකයක් වාර්තා කරමින් ලසිත් කෲස්පුල්ලේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 309ක් අවශ්‍ය වූ අතර ලසිත්ගේ ශතකය හේතුවෙන් පන්දු 84කදී ලකුණු 116ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පන්දුවාර 50යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී ජයග්‍රහණය කළා.

පෙර තරගයේදී ලසිත් සමගින් ඉනිම ආරම්භ කළ නිශාන් මධුෂ්ක ඊයේ ලකුණු 22කට දැවී ගිය අතර නුවනිදු ප්‍රනාන්දුගේ ඉනිමද ලකුණු 22කට සීමා විය. කමිදු මෙන්ඩිස් ලකුණු 6කට දැවී ගිය අතර ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3කට ලකුණු 149ක් විය.

එහෙත් ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ තම අන්තය ආරක්ෂා කර ගනිමින් ලයන්ස් පන්දු යවන්නන් ගැන කිසිදු තැකීමක් නොකර නොකඩවා ලකුණු ලබා ගැනීමට සමත් විය. නායක නිපුන් ධනංජය පන්දු 31කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර විය. එංගලන්ත ලයන්ස් වෙනුවෙන් සෑම් කුක්, මැතිව් ෆිෂර් සහ ජොෂ් ටංග් එක් කඩුල්ල බැගින් දවා ගත්හ. (දිවයින)

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා “ඒ” – 190/3 (44.3) ලසිත් කෘස්පුල්ලේ නොදැවී 122, නිපුන් ධනංජය නොදැවී 14, නුවනිදු ප්‍රනාන්දු 22, නිශාන් මධුෂ්ක 22, කමිදු මෙන්ඩිස් 06

පන්දු යැවීම – මැතිව් ෆිෂර් 61/1, ජෝස් ටොන්ගු 45/1, සෑම් කුක් 40/1

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබ්‍රිතාන්‍යයෙන් තුර්කියට දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක්
Next Article මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදේ
Buzzer Editor
  • Facebook

Related Posts

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 3, 20263 Views

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

By Buzzer EditorialJune 3, 202603 Views

අප්‍රේල් සහ මැයි යන මාසවල රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර නිසි පරිදි…

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.