Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 4
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » කොකා කෝලා සමාගම ආයතනික පුරවැසි සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වේ
Financial 3 Views

කොකා කෝලා සමාගම ආයතනික පුරවැසි සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වේ

Buzzer EditorBy Buzzer EditorFebruary 7, 2023No Comments4 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRFs): සඳහා ‘හොඳම තිරසාර ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර විය. ‘Best Corporate Citizen Awards 2022’ සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ විප්ලවීය කසළ කළමනාකරණය’ සහ ‘මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සඳහා කෘෂිකර්මාන්තය සහ ජීවනෝපාය සඳහා ජලය සඳහා ප්‍රවේශය’ (WALK) ව්‍යාපෘති මෙසේ සම්මානයට පාත්‍ර විය. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ආයතනයන් සිය ආයතනික ඉලක්ක හඹා යන අතරම පාරිසරික, සමාජීය සහ ආර්ථික තිරසාරත්වයට වෙනුවෙන් අදාළ ආයතනවල හොඳම භාවිතයන් ඇගයීමට ලක් කෙරේ.

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය (MRFs) යනු ප්‍රථම වරට පිළිගත් සුවිශේෂී මුලපිරීමකි. එය රටේ ප්‍රථම විස්තීර්ණ MRF ස්ථාපිත කරන ලද කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම (CCBSL) සඳහා ඉතා වටිනා ව්‍යාපෘතියකි; ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් ප්‍රධාන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළු සඳහා මූලික විසඳුමක් සපයන ප්‍රජා කේන්ද්‍රීය, අනුවර්තනය කළ හැකි සහ තිරසාර ආකෘතියක් ලෙස MRF හැඳින්විය හැකිය.

CCBSL හි මහජන සම්බන්ධතා, සන්නිවේදන සහ තිරසාර (PACS) අධ්‍යක්ෂ – තමරි සේනානායක මහත්මිය “අපගේ MRF ව්‍යාපෘතියේ පවතින වටිනාකම මෙම සම්මානයෙන් හඳුනා ගන්නවා, අපද්‍රව්‍ය රැස් කිරීම ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රශ්නයක් වී ඇති අතර, උත්පාදනය කරන ලද අපද්‍රව්‍ය ප්‍රමාණය සහ වගකීමෙන් යුතුව එකතු කර බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අතර විශාල පරතරයක් පවතිනවා. CCBSL විසින් MRF සඳහා අපද්‍රව්‍ය එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසීමේ යටිතල පහසුකම් සපයා තිබෙනවා. අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සහ එසේ බැහැර කිරීමේ ඇති වටිනාකම, ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව ප්‍රජාවන් අතර දැනුවත් කිරීම වෙනුවෙන් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාව තුළ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලියේ වැඩි වීමක් ඇති කිරීමට මඟ පාදන කාර්යක්‍ෂමව ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට සහ අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ අනුපාතය දෙගුණයකින් ගෙවීමෙන් එකතු කරන්නන් සඳහා ශක්‍ය ඉපැයීම් උත්පාදනය කිරීමට MRF ව්‍යාපෘතිය සමත් වුණා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ ප්‍රතිචක්‍රීකරණ හවුල්කරු වන Eco Spindles Pvt Ltd, අපට මහත් සහයෝගයක් ලබා දී ඇති අතර MRF විසින් එකතු කරන ලද PET අපද්‍රව්‍යවලින් කොසු, බුරුසු, රෙදි වැනි ඇතුළු අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය කරනවා” යනුවෙන් සිය අදහස් දැක්වූවාය.

ප්‍රතිචක්‍රීකරණය සඳහා බොහෝ පරිභෝජනයෙන් ඉවත් කරන අපද්‍රව්‍ය එකතු කිරීම, ඒවා නැවත මිලදී ගැනීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා සැකසීම MRFs මගින් සිදු කරයි. රත්නපුර (Go ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය) සහ වාද්දුව (Eko Plasco) යන ප්‍රදේශවල පිහිටුවා ඇති මෙම MRF මධ්‍යස්ථාන දෙක එම ප්‍රදේශයන් හි, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම ඉහළ නැංවීමට උපකාර කළ දේශීය තරුණ ව්‍යවසායකයින් දෙදෙනකු විසින් කැපවීමෙන් සහ ඉතා සාර්ථකව මෙහෙයවයි. කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් ඇතුළු ප්‍රජාවන් සඳහා ජීවනෝපාය අවස්ථා නිර්මාණය කරමින්, අපද්‍රව්‍ය එකතු කරන්නන් 350+ ක ජාලයකින් මෙම මුලපිරීම සිදු වේ. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය 257,000+Kgක් එකතු කර ඇති අතර 2021 ජනවාරි සිට 2022 සැප්තැම්බර් දක්වා කාලය තුළ දැනුවත් කිරීමේ සැසි මගින් 24,000+ පුද්ගලයින් පිරිසක් ප්‍රතිලාභ ලබා ඇත.

මෙම ව්‍යාපෘතිය කොකාකෝලා හි “අපද්‍රව්‍යවලින් තොර ලොවක්- ‘World Without Waste’ යන ශ්‍රී ලංකාවේ තිරසාර ඉලක්කයට සහ දේශීය අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන වන “නැවත ජීවයක් දෙමු – ‘Give Back Life‘ කොකාකෝලා විසින් අලෙවි කරන සෑම බෝතලයකටම සමාන ප්‍රමාණයක් 2030 වසර වන විට එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම අරමුණු කරයි. W.A.L.K ව්‍යාපෘතිය හරහා ජල සංරක්ෂණ මුලපිරීම් සඳහා කොකාකෝලා දෙවන වරටත් ‘හොඳම තිරසාර ව්‍යාපෘතිය’ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ව්‍යාපෘතිය සඳහා කොකාකෝලා පදනම විසින් අරමුදල් සපයන ලද අතර දේශීය ගොවි සංවිධාන සමඟ සහයෝගයෙන් ACTED සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලදී. මොණරාගල, ගලහිටිය ගම්මානයේ සමෘද්ධි වැව මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රතිසංස්කරණය කරන ලද අතර එමඟින් වාර්ෂිකව කිලෝ ලීටර 285,054 නැවත පිරවීමේ ධාරිතාවක් ලබා ගත හැකි විය.

ශ්‍රී ලංකාව, මාලදිවයින, නේපාලය සහ භූතානය මහජන සම්බන්ධතා, සන්නිවේදන සහ තිරසාර කලාපීය නායකත්වය දරන ලක්ෂාන් මධුරසිංහ මෙසේ පැවසීය: “ජලය සඳහා ඇති ප්‍රවේශය කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වන ග්‍රාමීය ප්‍රජාවන්හි සාධාරණ හා තිරසාර අවස්ථා සහතික කිරීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ශ්‍රී ලංකාවේ දුප්පත්ම කලාපය වන, ජනගහනයෙන් 15.4%ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවියන්ගේ දැඩි අවශ්‍යතා සඳහා මෙම ව්‍යාපෘතිය සහාය වෙනවා. කොකා-කෝලා ශ්‍රී ලංකා, සිය බීම නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජල ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රමාණයක් ප්‍රජාවට සහ සොබාදහමට නැවත ලබා දීමට WALK ව්‍යාපෘතිය දායක වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු.”

වියළි සහ තෙත් කාලවලදී අමතර කුඹුරු අක්කර 100ක් මෙන්ම බඩ ඉරිඟු සහ එළවළු වැනි ක්ෂේත්‍ර භෝග සඳහා අක්කර 150 ක් ද වගා කළ හැකි බව WALK ව්‍යාපෘතිය සහතික කර ඇත. අඩු වර්ෂාපතන කාලවලදී ඇතිවන බලපෑම් සමනය කිරීමේ පියවරක් ලෙස ගොවියන් වෙත ජල පොම්ප ද මෙමගින් බෙදා හරින ලදි. එමඟින් ප්‍රජාව නියඟයට, කාලගුණික රටා වෙනස්වීමට සහ දේශගුණික විපර්යාසවලට වඩා ඔරොත්තු දෙන බවට පත් කරයි. WALK ව්‍යාපෘතිය වෙතින් කාන්තා ගොවීන් ඇතුළු ගොවීන් 1,769 දෙනෙකුගේ ජීවනෝපාය වැඩි දියුණු කරන ලදි.

කොකා කෝලා ශ්‍රී ලංකා නිවැරදි ආකාරයෙන් ව්‍යාපාර කරමින් මිනිසුන්ගේ ජීවිත, ප්‍රජාවන් සහ සමස්ත ලෝකයේම වෙනසක් ඇති කරමින් වඩාත් තිරසාර සහ වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණ වෙනුවෙන් කැප වී සිටියි.

END

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleලාෆ් ගෑස් මිල නැවතත් ඉහලට
Next Article රාජ්‍ය ආයතන සතුව පවතින අරමුදල් කළමනාකරණයට පනත් කෙටුම්පතක්
Buzzer Editor
  • Facebook

Related Posts

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 3, 20263 Views

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

By Buzzer EditorialJune 3, 202603 Views

අප්‍රේල් සහ මැයි යන මාසවල රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර නිසි පරිදි…

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.