පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමට වැඩි හැකියාවක් ඇති අතර මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ, ක්‍රමයෙන් දුර්වල වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.