ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී තිබේ.
දිගින් දිගටම ජනාධිපතිවරණ 2ක් අසාර්ථක වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට නොහැකි වීමෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට රනිල්ට හැකි විය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකාවේ අගමැති ලෙස රනිල් පත් විය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කිරීම සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඡන්ද 219 ක් වලංගු වූ අතර ඡන්ද 4 ක් වලංගු නොවන බවට හඳුනාගෙන ඇත.