යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට, ආයුධ සහ පතුරම් ලබා දීමට චීනය සූදානම් වන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.
මේ වනවිටත් චීන රජයේ අනුදැනුම පරිදි චීන සමාගම්, යුක්රේන යුද්ධයේදී රුසියාවට එරෙහිව ඇමෙරිකාවට සහාය ලබා දෙන බව ද ඇන්තනි බ්ලින්කන් පෙන්වා දී තිබේ.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මේ බව පෙන්වා දුන්නේ, ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. කෙසේ නමුත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා එල්ල කරන එම චෝදනා චීන රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපත මිතුරාය. කොන්දේසි විරහිතව රුසියාවට අවහ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බව චීන ජනාධිපති පවසා තිබේ. යුක්රේන යුද්ධයේ දී නිර්පාර්ශ්වික අයුරින් කටයුතු කරන බව ද චීනය හැමවිටම පවසා තිබේ. (ඒ.එෆ්.පී.)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.


