කුරුණෑගල යක්ගහපිටිය අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හලේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරවුම්හලේ සිටි පුද්ගලයකුගේ බඩට එහි සිටි නිලඇදුමෙන් සැරසුන හමුදා නිලධාරියකු පා පහර එල්ල කරනු වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවවල සංසරණය වෙයි.
එම ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් බලා සිටියදි මෙම සිදුවීම සිදුවනු දක්නට ලැබේ.
මෙම නිලධාරියාගෙන් කි‍්‍රයා කළාපයට එහි සිටි පිරිස විරෝධය දක්වන අයුරුද එම වීඩියෝ පටයේ සඳහන් වේ.
එලෙස ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදුන් ලුතිනන් කර්නල්වරයා සම්බන්ධයෙන් මේ වන විට හමුදාව විසින් විශේෂ පරීක්ෂනයක් ආරම්භ කර ඇත.