මීට වසර මිලියන 113 පෙර පෘථිවිය මත වාසය කර ඇති “Acrocanthosaurus” විශේෂයට අයත් ඩයිනෝසෝරයෙකුගේ පා සළකුණු රැසක් ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්ථයේ පිහිටා ඇති ඩයිනොසෝර් නිම්න උද්‍යානයේ පවතින පැලුක්සි නම් ගංඟා පතුලෙන් සොයා ගෙන ඇති අතර, මේ දිනවල එම ප්‍රාන්ත කලාපයන්ට බලපා ඇති අධික නියඟය හේතුවෙන් ගංඟාවන් සිදී යාමත් සමඟ අඳාළ පා සටහන් සොයා ගැනීමට හැකි වී ඇත.
ඒ අණුව ලෝකයේ දිගම ඩයිනෝසෝර පා සළකුණු සහිත මාර්ග වලින් එකක් ලෙස සළකණු ලබන එම පා සළකුණු පිළිබඳව අදහස් දක්වන පර්යේෂණ කණ්ඩායම් පවසනුයේ අඳාළ පා සළකුණු හිමි ඩයිනෝසෝරයා අඩි 15ක් පමණ උසකින් සහ ටොන් 7ක් පමණ බරින් යුත්ත වන්නට ඇති බවත්, ගමන් මාර්ගය අවසාදිත භූමියක් හරහා වැටී තිබීම හේතුවන් පා සළකුණු වසර මිලියන ගණනක් පුරාවට සුරක්ෂිත වෙමින් පා සළකුණු සහිත ගංඟා පතුල මේ වන විට හුණුගල් බවට පත් වී ඇති බවයි.
තවත් නොබෝ දිනකින් ආරම්භ වන වැසි සහිත කාලගුණයත් සමඟ නැවත වරක් අඳාළ පා සළකුණු කිසිවෙකුටත් දැක ගත නොහැකි වන අයුරින් ගංඟා පතුලේ සැඟවී ගියත්, ඩයිනොසෝර් නිම්න උද්‍යානයේ ගංඟා පතුලේ පවතින වසර මිලියන 113 ක් ඈත ඉතිහාසය දිවයන එම පා සළකුණු වර්තමානයට පමණක් නොව අනාගත පරම්පරාව වෙතද සොබාදහම මඟින් ආරක්ෂා කර දෙනු ඇතැයි උද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්රකාශිකාවක් ද වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටී.
තොරතුරු මූලාශ්‍රය: https://nbcnews.com/news/us-news/drought-reveals-new-dinosaur-tracks-texas-rcna44533
ඉතිසාහය පිලිබඳ තතු හොයන ඔබ සැමට Buzzer.lk සහ Buzzer History සම්බන්ධ වීමෙන් වැඩි විස්තර දැනගන්න.