ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 ක් ඉදිරියේදී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.
එමෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා. මේ අතර සමගි ජනබල පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් රජය පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වීමට සූදානම් වන බව ද වාර්තා වේ.ඒ අනුව විපක්ෂ නායක ධුරය අභියෝගයට ලක් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම මන්ත්‍රී ගණන ඇති පක්ෂය බැවිනි.