සඳුදා රාත්‍රියේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ලෙස හඳුනාගෙන ඇති 34 හැවිරිදි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් තියුණු ආයුධ රැගෙන පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී 34 හැවිරිදි පුද්ගලයා කපා කොටා ඝාතනය කර ඇති බව වැල්ලම්පිටිය පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ මීතොටමුල්ල වැල්ලම්පිටිය කලංසූරිය පටුමගේ පදිංචිව සිටි ප්‍රකාශ් තිළිණ කුමාර (34) නමැති අයෙකි.
ඝාතනයට ලක්ව ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරෙකු බවයි පොලිසිය පැවසුවේ.
මියගිය පුද්ගලයා සාමාන්‍යයෙන් සවස් කාලයේ තම මිතුරන් සමඟ ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල රැඳී සිටින බව පොලිසිය පවසයි. පසුගියදා තියුණු ආයුධවලින් පුද්ගලයන් කිහිප දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඔහු අධිකරණ ඇප මත සිටි බව පොලිසිය සඳහන් කළේය.