එළඹෙන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
එමෙන්ම පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවලදී සිසුනට නිවසේ සිට අධ්‍යාපන පහසුකම් ලබාදීම හෝ අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් සිදුකළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.