ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් දුලාංජලී ප්‍රේමදාස කියා සිටියේ සිද්ධිය වන අවස්ථාවේ තමා අගමැති නිවස අසල සිටි බවත්, ගිනි තැබීම පිළිබඳව සිදුවන පරීක්ෂණ සඳහා සහය වීමට ප්‍රකාශයක් ලබාදෙන ලෙස රහස් පොලිසිය තමාගෙන් ඉල්ලා සිටි බවයි.