සංශෝධිත අයවැයක් අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම අයවැය ඉදිරි මාස කිහිපය සඳහා ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
සංශෝධිත අයවැය ඉදිරිපත් කිරීම සඳහා පසුගිය දිනවල පැවති සියලුම අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අයවැය සංශෝධන සිදු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා එහි වැඩකටයුතු මේ වනවිට අවසන් කර ඇති බවද පෙන්වා දුන්නේය.
මෙම සංශෝධිත අයවැය ඉදිරි මාස කිහිපය සඳහා අදාළ වන පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.