2022 මැයි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො මිලියන 1920 දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ප්‍රකාශ කළේ එය 2022 අප්‍රේල් මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1812 සිට ඉහළ ගොස් ඇති බවයි.
නිල විදේශ සංචිතවල මාස පහක් තුළ මෙවැනි ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
මේ අතර, මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ද සුළු වැඩිවීමක් වාර්තා වී තිබේ.
මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඩොලර් 1602 සිට ඩොලර් 1805 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.