ගෙවී ගිය අගෝස්තු මාසය තුළදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 325.4ක ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
2022 ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,214.8ක් බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.