මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන කුමන්ත්‍රණය නැමති චෝදනාව පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.
ඒ අනුව මෙම පෙත්සම විභාගය සඳහා ජුනි මස 16 වනදා කැඳවන ලෙසත් අධිකරණය දින නියම කළේය.
එම පෙත්සම අද (03) අභියාචනාධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.


