ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට අමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ, අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගෙබ්‍රියේසස් ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ලංකාවට ලබාදෙන අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර බෙදාහැරීම් සිදුකෙරෙන දින සහ නාමලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ප්‍රකාශයට පත් කරන බවද එහි සඳහන්.