ලක්ෂ 16ක් පමණ වු රාජ්‍ය සේවයේ නිරතවුවන්ගෙන් දස ලක්ෂයක් පමණ කිසිඳු ඵලදායී සේවාවක් සිදුනොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයින් විසින්ම විවේචනය කරන තත්ත්වයකට පත්ව ඇති බව කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
රටේ දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාට නිසි වගකීමක්, කාලවකවානු සහිතව ලබාදිය යුතු බවත්; දේශපාලඥයා, රාජ්‍ය සේවකයා සහ මහජනතාව කැපවීම් සිදුකළ හොත් රට ඉක්මනින් ගොඩගැනීමට හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.