කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී යුරෝපා කලාපීය රටවල තානාපතිවරු අද (24) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබෙනවා.
එම හමුවීමේදී ඔවුන් සඳහන් කර තිබෙන්නේ, යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන ලෙසත්, මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත් නොහැර අඛණ්ඩව සහාය ලබාදෙන බවයි.
ආර්ථිකය ගොඩනැඟීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ලබා දෙන ස්ථිර පණිවිඩයක් මඟින් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව දූත මණ්ඩල සාමාජිකයන් පෙන්වාදී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,