බ්‍රිතාන්‍ය ‘කොන්සර්වේටිව්’ පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බොරිස් ජොන්සන්ට යුක්‍රේන පුරවැසිභාවය ලබාදීමේ පෙත්සමකට යුක්‍රේනියානුවන් අත්සන් තබන බව වාර්තා වේ. මෙම පෙත්සමට දැනටමත් අත්සන් 2500ක් ලැබී ඇති බවටද පැවසේ.
බොරිස් ජොන්සන් යුක්රේනියානුවන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වී ඇති නායකයෙකි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස යුක්‍රේන රජයට මුල්‍ය ආධාර ලබාදුන් ජොන්සන් යුක්‍රේන හමුදාවට ආයුධ සහ පුහුණුව ලබාදුන්නා.
යුක්රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි ට සහය දක්වමින්, ජොන්සන් යුක්රේනියානුවන්ගේ යහපැවැත්ම පරීක්ෂා කිරීම සඳහා අවස්ථා දෙකකදී යුක්රේනයට ගියේය. යුක්රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි සහ බොරිස් ජොන්සන් අතර දැඩි සමීප මිත්‍රත්වයක් ද පවතින බව නොරහසකි.
බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය දරන්නේ ආණ්ඩු පක්ෂයේ නායකයා විසිනි. වත්මන් පාලක පක්ෂය ‘කොන්සර්වේටිව්’ පක්ෂයයි. ජොන්සන්ට පක්ෂ නායකත්වය අහිමි වූයේ ඔහු පක්ෂ නියෝජිතයින් සහ ‘කොන්සර්වේටිව්’ මන්ත්‍රීවරුන් අතර අප්‍රසාදයට පත් වූ බැවිනි.
වැඩි විස්තර සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.