ඩෙංගු රෝගය යලි ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් හටගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටිනවා.
දැනට ඇති දත්ත හා ආරංචි මාර්ග අනුව බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බවත් ඩෙංගු රෝගය පැතිරීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් ඔහු විශේෂයෙන් සඳහන් කළා.
2022 වර්ෂයේ මේ මොහොත දක්වා ඩෙංගු රෝගීන් 26,622 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය දින 8 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තාවී ඇති බවයි සඳහන් වන්නේ.
මේ දිනවල කිසියම් පුද්ගලයකුට උණ , ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්නා ලෙස ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විෂශ්ඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළා.
සියලු දෙනාම තම තමන්ගේ ගෙවත්තේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම හා තම ප්‍රදේශයේ පොදු ස්ථාන වල මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කරමින් ඩෙංගු අවදානම තුරන් කරගැනීමට ජනතාවගෙන්ද දායකවීම අත්‍යාවශ්‍ය බව වෛද්‍යවරුන් විශේෂයෙන් මතක් කර සිටිනවා.