විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටිනා පරිදි දැනට දිවයිනට පැමිණෙන බවට තහවුරු කර ඇත්තේ ලංකා IOC සමාගමෙන් ලබාදී ඇති පෙට්‍රල් නෞකාව පමණකි.
එම නෞකාව ජුලි මස 22 හෝ 23 දිවයිනට පැමිණිමට නියමිත බවත් ඊට පෙර 10 වනදා සහ 15 වනදා අතර පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා මැලේසියාවෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වුවද මැලේසියානු සමාගමටද මෙරටට පැමිණෙන නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් තහවුරු කර නොමැති බවත් අනෙකුත් කිසිඳු සමාගමකටද 22 ට පෙර පෙර පැමිණෙන ඉන්ධන නෞකාවක් සම්බන්ධයෙන් තහවුරු කිරීමට නොහැකිවී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඊයේ (04) දිනයේ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරී කමිටුවෙන් එක්තරා සමාගමකින් 13 වනදා වන විට මෙරටට අවශ්‍ය ඉන්ධන ගෙන්වා ගැනීමට අනුමැතිය ලබාදුන් බවත් ඔවුන් ඉදිරිපත් කර ඇති මිල ගණන් පෙර පැවති මිලට වඩා ඉහළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.