වත්මන් පාලනය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ රටේ ජනාධිපතිවරයෙකු සිටියත් ඔහු පෙනෙන්නට නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළ පමණින් ජාත්‍යන්තර විශ්වාසයක් ඇති නොවන බවත්, රට මේ වන විට පවතින්නේ ගිනි කන්දක් මතබවත් යන්නය.
එබැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කර රටේ සහ ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගන්නා වැඩ පිළිවෙලක් සම්මත කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.