විෂයට සමීප ආරංචි මාර්ගවලට අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා කෙරේ.
ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ ආයෝජන කළමනාකරන අමාත්‍ය ධූරයක් දැරීමට ඉඩ ඇති බවද අනාවරණය විය.
පෙරේරා පාර්ලිමේන්තුවට පැමිණීමේ පුවත පිළිබඳව ප්‍රශ්න කළ විට, කාරියවසම් තහවුරු කළේ රාජපක්ෂ වෙනුවට ඉදිරිපත් විය හැකි නම් ලැයිස්තුවේ පෙරේරා සිටින බවයි.
“බැසිල් රාජපක්ෂ තවමත් ඉවත් වී නැති අතර ඔහු ඉවත් වන තුරු ඉදිරි තීරණ මොනවාදැයි කිව නොහැක. එහෙත්, ඔහු ඉවත් වන්නේ නම්, ඒ බව පාර්ලිමේන්තු ලේකම්වරයාට සහ පසුව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දිය යුතු අතර, පසුව එම මන්ත්‍රී ධුරය සඳහා වන පුරප්පාඩුව ගැසට් කරනු ඇත. යෝජනා වී ඇති නම් ලැයිස්තුවක් අප සතුව ඇති අතර, එම ලැයිස්තුවේ ධම්මික පෙරේරා සිටින බව කාරියවසම් පැවසීය.(ද මෝනිං)