අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ධම්මික පෙරේරා අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සැහැල්ලුවෙන් ප්‍රකාශ කළේ හර්ෂ ද සිල්වාගේ සියලු ප්‍රශ්නවලට තමන් ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු ලෙසින් පිළිතුරු දුන් බවත් ඔහු ආණ්ඩුවට එක්වීමට තවත් පියවර කිහිපයක් පමණක් ඇති බවත්ය.
ධම්මික පෙරේරා අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ රට තුළ පවතින ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයාට කිසිදු සැලසුමක් නොමැති බවත්, ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අභියෝග ඩොලර් අර්බුදයට සම්බන්ධ බවත්ය.