ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පාකිස්ථානය සමග ගාල්ලේ පැවැත්වෙන 2 වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද පිටියට පැමිණියේ නෑ.
කොන්දේ ඇතිවූ ආබාධ තත්ත්වයක් නිසා එයට ප්‍රතිකාර ලබමින් සිටින නිසාවෙන් දිමුත් කරුණාරත්න සහභාගී වී නැති බව වාර්තා වනවා.
කරුණාරත්න මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුට දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වේ.
ඔහු වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා ස්ථාවර නායකයා ලෙස පත්කර තිබේ.
මේ අතර සහය පුහුණුකරු නවීඩ් නවාස් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කර ඇත්තේ කණ්ඩායම් පුහුණු සැසියකදී ඇති වූ ආබාධයකට ලක්ව ඔහුට සුවය ලබා ගැනීමට කාලය ලබා දීම සඳහා ය.
පන්දුවක් නවාස්ගේ උඩ තොලෙහි වැදීම නිසා කැපුම් තුවාලයක් ඇති වූ අතර, ඒ සඳහා මැහුම් 20 ක් අවශ්‍ය විය.
නවීඩ් නවාස් මෙම ආබාධයට ලක් වූයේ සෙනසුරාදා (23) පැවැති තරගයට පෙර දින පුහුණු සැසිය අතරතුරදීය.
පකිස්ථානයට එරෙහි දෙවන දිනයේ දෙවන දිනය වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 378ක් ලබා ගත්තා.