භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළිත් අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වා හට ලබාදුන් ජනපති සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද නිකුත් කළා.
ඒ අනුව ඔහු යළි සිරභාරයට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර ඊට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාදෙන ලෙස නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබුණා.