ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස අදාළ පාර්ශවයන් වෙත උපදෙස් ලබාදීමට තිබෙනවා.
අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී වත්මන් ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා ඇති අතර අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්.