නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම අද දින (05 වැනිදා) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන තද සුළං පැයට කිලෝ මීටර 40 ත් 50 ත් අතර අගයක් විය හැකි බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.