අද (19) ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.
අද සිට සම්මුතිවාදී ගමනක් ආරම්භ කරන බවත්, දිවාන්නාවෙන් ඔබ්බට ජන ජීවිතය ගොඩනැගීමේ අරගලය වෙනුවෙන් ප්‍රතිඥා දෙන බවත් ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට තරග කිරීමට තීරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය රටේ ජනතාව වෙනුවෙන් ගත් ඓතිහාසික තීන්දුවක් බවද ඔහු පෙන්වා දෙයි.
මේ රටේ ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාදීම, දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරමින් රට ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් කැපවී මෙම තීරණය ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.