ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ජුනි 15 වැනිදා සිට ව්‍යුහාත්මක වෙනස්කම් කීපයක්ම සිදු කිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටිනවා.
දැනට රට තුළ පවතින පොදු ප්‍රවාහන ගැටළු වලට ගතහැකි කඩිනම් ප්‍රායෝගික විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ (04) පැවැත්විණි.
ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව ඇත විඳිමින් සිටින ඉන්ධන අර්බුදය හා උද්ධමනය හමුවේ ඉහළ යන ජීවන වියදම තුළ සාමාන්‍ය මඟී ජනතාව මුහුණ දෙන ප්‍රවාහන ගැටළු සඳහා පිළියමක් වශයෙන් කෙටි කාලයක් තුළ ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් පිලිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වුනු බව අනාවරණය වනවා.
ජුනි 15 වැනිදා සිට ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති ප්‍රධාන කරුණු 8 පහතින්.
- මංතීරු නීතිය වඩා ඵලදායී ලෙස නැවත ක්‍රියාත්මක කිරීම.
- කඩවත, මාකුඹුර, කටුබැද්ද බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව Park & Ride සේවා ආරම්භ කිරීම.
- පා පැදි භාවිතය ප්‍රචලිත කිරීම හා පාපැදි භාවිතා කරන්නන් සඳහා වාහන වැඩි මාර්ග වෙනුවට සමාන්තර මාර්ග හඳුන්වා දීම.
- නව කාර්යාලයීය දුම්රිය ඇතුළු නව දුම්රිය ගමන් වාර ආරම්භ කිරීම.
- බස් රථ සඳහා වෙන් කරමින් බැස්ටියන් මාවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ලබා දීම.
- දැනට ධාවනය වන දුම්රිය සඳහා වැඩි මැදිරි සංඛ්‍යාවක් එක් කිරීම.
- පානදුර, රාගම ඇතුළු හඳුනාගත් දුම්රිය ස්ථාන ආශ්‍රිතව Park & Ride සේවාව ක්‍රියාත්මක කිරීම.
- සිසුසැරිය හා ග්‍රාමීය සේවා සඳහා නව බස්රථ ලබා දීම.